ඉන්ධන මිල අඩු කරනවා..


මෙරට ඉන්ධන මිල ඉදිරියේදී පහත බසිනු ඇති බවත් ඒ අනුව ඉන්ධන තොග රැස්කරගෙන සිටින ජනතාවට අති විශාල පාඩුවක් දරා ගැනීමට සිදුවනු ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පැවසීය.

පසුගිය කාලයේ ලාභ ලබමින් ජනතාවට ඉන්ධන නිකුත් කිරීමෙන් වුණු අලාභය පියවා ගැනීමෙන් පසු නුදුරේදීම ඉන්ධන සහන ලබාදීමට රජය කටයුතු කරන බව ද ඔහු පවසයි.
$ads={2}
අවශ්‍ය ඉන්ධන තොග කිසිදු හිගයකින් තොරව මේ වන විට රට තුළ පවතින බවත් ජනතාව ඉන්ධන එක්රැස් කර ඒවා නැවත විකිණීමේ ව්‍යාපාරයක් කිරීම හේතුවෙන් ඉන්ධන නොමැති තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි ඔහු සදහන් කලෙය.

වෙනදාට දින දෙකක් කට ප්‍රමාණවත් ඉන්ධන බවුසරයක් අද පැය හතක් තුළ අවසන් වන බව ද පැවසූ ඔහු වෙනදාට ඉන්ධන ලීටර 50ක් මිලට ගන්නා අයෙක් අද වන විට ලීටර් 250 දිනකට රැස් කරමින් සිටින බවද පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post