යුක්රේනයට හොරෙන් ඇතුල්වූ "කුලී ඝාතකයින් කණ්ඩායම" ගැන හෙළිවෙයි

Wagner Group
යුක්රේන ජනාධිපති Volodymyr Zelensky ඝාතනය කිරීමේ වගකීම භාර් ගනිමින් එරට තුලට කුලී හමුදාවක් ඇතුල්වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

400 දෙනෙකු ගෙන් යුත් මෙම කුලී හමුදාව පෞද්ගලික ආරක්ෂක හමුදාවක් වන වැග්නර් ගෘප් ලෙස හැඳින්වෙන මෙම සමාගම අප්‍රිකානු කලාපය, ඉරාකය සහ සිරියාව තුල සිය මෙහෙයුම් සිදුකරනු ලබනවා.
$ads={2}
පුද්ගල පැහැර ගැනීම්, මංකොල්ලකෑම් ඇතුළු දරුණු ගණයේ අපරාධ සිදුකිරීම සඳහා මනා පුහුණුවකින් හෙඹි මෙම කුලී හමුදාව මිට සතියකට පමණ ඉහතදී යුක්රේනය තුලට ඇතුල් වී ඇති බවයි එම වාර්තා සඳහන් කර සිටින්නේ.

යුක්රේනයේ ජනාධිපතිවරයා, ඔහුගේ පවුලේ සාමාජිකයින්, යුක්රේන රජයේ ප්‍රධාන පෙලේ තනතුරු දරන්නන් ඇතුළු 24 දෙනෙකු ගෙන් යුත් ඝාතන ලැයිස්තුවක් මෙම කුලී හමුදාවට ලබාදී ඇත.

මෙම වැග්නර් සමාගමේ නායකයා වන්නේ දිමිත්‍රි යුට්කින් වන අතර ඔහු රුසියාවේ විශේෂ බලකාය වන ස්පෙට්නාස් හි ලුතිනන් කර්නල්වරයෙකු ලෙස සේවය කරනු ලැබුවෙක් ද වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post