අගමැතිකම රනිල් වික්‍රමසිංහ මහතාට ?


අග්‍රාමාත්‍ය ධුරය භාර ගැනීම සඳහා තමන්ට මෙතෙක් කිසිදු ආරාධනයක් සිදුකර නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, තමන්ට එලෙස අග්‍රාමාත්‍ය ධූරය භාර ගැනීමේ අවශ්‍යතාවයක් ද නොමැති බවය.

ඊයේ (28) රාත්‍රී "ටීවි දෙරණ" ඔස්සේ විකාශය වූ 360 කාලීන වැඩසටහන සමග එක්වෙමින් එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.
$ads={2}
"මම අගමැතිකම ඉල්ලලාත් නෑ. මම කියන්නේ ජාතික එකඟතාවයක් ඇති කරන්න. විපක්ෂයේ ඉන්න අය විපක්ෂයේ ඉන්න, ආණ්ඩු පක්ෂයේ ඉන්න අය ආණ්ඩු පක්ෂයේ. එච්චරයි තියෙන්නේ ඔතන. අපි කරපු මේ දේශපාලන ක්‍රමවේදයේ අඩුපාඩුකම් තියෙනවා කියලා පිළිගන්න බැරිනම්. අපිට එහෙනම් මේ රටේ වගකීම්වලට ඇතුළු වෙන්න බෑ. ඔය පදේ තමයි මට හැමදාම ඇහෙන්නේ. මෙයා ගියා. අර පැත්තට ගියා ඩීල් දැම්මා. අර ඩීල් දැම්මා මේවා දැම්මා. මේ ප්‍රශ්න විසඳෙනවා ද?

ප්‍රශ්නය - අග්‍රාමාත්‍ය ධූරයට ආරාධනා කළොත් ඔබතුමා භාර ගන්නවාද?

ව්‍යවස්ථාව අනුව අගමැති වෙන්න පුළුවන් පාර්ලිමේන්තුවේ වැඩිම සහාය තිබෙන පුද්ගලයාට. මට තියෙන්නනේ එක ඡන්දයයි. ඒ මගේ ඡන්දේ විතරයි. මම තනතුරුවලට අවේ නෑ. මම කියන්නේ දැනට පාර්ලාමේන්තුවේ බහුතරයේ අය තීරණය කරලා තියෙනවා මහින්ද රාජපක්ෂ අගමැති කරන්න. ඕකටයි මං දවස් 52 සටන් කළේ . මං උසාවියට ගියේ ඒ තීරණය අනුව තමයි අපි ඉන්න ඕනේ."

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post