බැසිල් පෙන්වන්න බෑ කියූ වාර්තාව IMF ප්‍රසිද්ද කරයි..


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව පිළිබඳව නිකුත් කරනු ලබන වාර්තාව ප්‍රකාශයට පත් කර තිබේ.

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල වශයෙන් හානි සිදුවී ඇති බව එම වාර්තාවේ කියා සිටියි.

සංචාරක ආදායම් අහිමි වීම සහ රට වසා දැමීම හේතුවෙන් එය වඩාත් තීව්‍ර මට්ටමකට පැමිණ ඇතැයිද වාර්තා පවසයි.
$ads={2}
අද වන විට ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට දහයකට වඩා විශාල මූල්‍ය හිගයකට ඇද වැටී ඇති බව ද පසුගිය වසරේ ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 119 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ද වාර්තාව කියා සිටී.

දැනට ශ්‍රී ලංකාවේ උද්ධමනය ඉලක්කම් දෙකක පසුවන අතර තනි ඉලක්කමක උද්ධමනය රඳවා ගැනීමට රජයට නොහැකි වි ඇතැයිද එහි සදහන්ය.

මෙම වාර්තාව සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර මතභේදාත්මක තත්ත්වයක් පසුගිය සර්වපාක්ෂික සමුළුවේදී මතුවිය.

මුදල් අමාත්‍යවරයා කියා සිටියේ මෙම වාර්තාව කෙටුම්පතක් පමණක් වන බවත් ශ්‍රී ලංකා රජය එය අභියෝගයට ලක්කර ඇති බවත් එනිසා ලබාදිය නොහැකි බවත්ය.

එම සම්පූර්ණ වාර්තාව මෙතනින්…

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post