අද සිට දැවැන්ත ගෑස් හිගයක්.


අද සිට වෙළද පොලේ දැවැන්ත ගෑස් හිගයක් ඇති වන බව ලිට්‍රෝ සහ ලාෆ්ස් යන ප‍්‍රධාන ගෑස් සමාගම් දෙක විසින්ම නිවේදනය කර තිබෙන බව මාධ්‍ය වාර්තා කරයි.

ගෑස් ආනයනය කිරීම සදහා ණයවර විවෘත කිරීමට දේශීය බැංකු අවසර නොදෙන බැවින් මේ තත්ත්වය උද්ගතවන බවයි එම සමාගම් පවසා ඇත්තේ.
$ads={2}
ලාෆ්ස් සභාපති වෑගපිටිය මහතා පවසා ඇත්තේ, වෙළද පොළ තුළ තිබෙන ගෑස් බොහෝ දුරට අදින් අවසන් වනු ඇති බවයි.

ඒ අනුව නුදුරේදීම ගෑස් අර්බුදය ඉන්ධන අර්බුදයත් පරයමින් ඉදිරියට එනු ඇති බවද ඔහු පවසා තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post