ගෑස් අර්බුදය විසඳීමට රජය හදිසියේම ගත් විශේෂ තීරණය මෙන්න!


කොළඹ වරායට පැමිණ ඇති ගෑස් නෞකාවලට මුදල් ගෙවා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ රාත්‍රියේ ප්‍රකාශ කළා.

ඒ අනුව අදාළ නෞකාවලින් ගෑස් තොග ගොඩබෑම අද සිට සිදු කරනවා.

ගෑස් නොමැතිවීම හේතුවෙන් අද සිට ආපනශාලා රැසක් වසා දැමීමට සිදුව ඇති බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් ප්‍රකාශ කළා.

එමෙන්ම ඉදිරි දින 25කට ප්‍රමාණවත් ඉන්ධන තොග දින 10 තුළ මෙරටට ලැබීමට නියමිත බව ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව පවසනවා.
$ads={2}
ඔවුන් සඳහන් කළේ, ඒ අනුව ඩීසල් මෙටි්‍රක් ටොන් 140,000ක් සහ පෙට්‍රල් මෙටි්‍රක් ටොන් 60,000ක් ඉදිරි සති 2 තුළ මෙරටට ලැබීමට නියමිත බවයි.

ඩීසල් මෙටි්‍රක් ටොන් 40,000ක් රැගත් නෞකාවක් ලබන 21 හෝ 22 වන දා මෙරටට ළගාවීමට නියමිත බව ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කළා.

එහි සභාපති සුමිත් විජේසිංහ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් කියා සිටියේ, රට තුල ඉන්ධන හිඟයක් ඇති වීමට කිසිදු ඉඩක් නොමැති බවයි.

කෙසේ වෙතත් ඊයේ දිනයේත් දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් දක්නට ලැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post