
ඉන්ධන, ගෑස් සහ විදුලි අර්බුදය ලබන සතිය වන විට විසඳන්නට හැකි බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (21)රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී දැනුම් දී ඇතැයි දේශපාලන ආරංචි වාර්තා කර තිබේ.
$ads={2}
ඉන්ධන ආනයනය සඳහා ඉන්දියාවෙන් ඇමරිකානු ඩොලර් කෝටි 50ක ණය මුදලක් ලැබී ඇතැයි සඳහන් කර ඇති ඇමති බැසිල් එම මුදලින් ඉන්ධන මිල දී ගැනීමේ කටයුතු දැනටමත් ආරම්භ කර ඇතැයි ද සදහන් කර තිබේ.
ගෑස් ආනයනය සඳහා ඩොලර් ලබාදීමට මහ බැංකුව එකඟතාව පළකර ඇතැයි ද , ඒ අනුව ගෑස් ආනයනය කිරීමට ණයවර ලිපි විවෘත කිරීමේ කටයුතු අදම ආරම්භ කරන්නේ යැයි ද ඇමතිවරයා සඳහන් කර ඇත.
ඉන්ධන සහ ගෑස් ආනයනයත් සමඟ, දැනට රටේ පවතින ගෑස්, ඉන්ධන සහ විදුලි අර්බුදය ලබන සතිය වන විට විසඳෙනු ඇති බව ඒ අනුව ඔහු සඳහන් කර තිබේ.
ඊට අමතරව අත්‍යවශ්‍ය භාණ්ඩ ,ඖෂධ සහ කර්මාන්ත සදහා අවශ්‍ය අමු ද්‍රව්‍ය ආනයනයට ඇමරිකානු ඩොලර් කෝටි 150 ක ණය මුදලක් ලැබී ඇතැයි පවසා ඇති ඇමතිවරයා එම භාණ්ඩ ආනයනය ට ද මේ විට කටයුතු කරමින් පවතින බව සඳහන් කර තිබෙයි.