34 හැවිරිදි තරුණ ගුරුවරිය 16 සිසුවා රැගෙන 60පාරක් හෝටලයට ගිහින්


ගුරුවරියක් විසින් කොළඹ ප්‍රධාන පෙළේ පාසලක පාසල් සිසුවෙකු අපයෝජනය කළ සිද්ධියක් සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදුකරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය වෙත ඊයේ (10) දැනුම්දී තිබෙනවා.

වසර 4ක් තිස්සේ මෙලෙස පාසල් සිසුවෙකු අපයෝජනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇත්තේ 34 හැවිරිදි වියේ පසුවන ගුරුවරියකටය.

අපයෝජනයට ලක්ව ඇති එම සිසුවා මේ වනවිට 20 හැවිරිදි වියේ පසුවෙයි.

වාර්ෂික ක්‍රිකට් තරගයකදී එවකට 16 හැවිරිදි වියේ පසුවූ අදාළ සිසුවා සහ ගුරුවරිය දැන හඳුනාගෙන තිබේ.

පසුව ගුරුවරිය සහ පාසල් සිසුවා වට්ස්ඇප් මාර්ගයෙන් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් තිබෙනවා.
$ads={2}
පසුව ගුරුවරිය විසින් පාසලේ පරිඝනක කාමරය තුළදී සහ විවිධ ස්ථාන රැසකදී සිසුවාව ලිංගික කටයුතු සඳහා පොළඹවාගෙන අපයෝජන සිදුකර ඇති බව අනාවරණය වී තිබේ.
.
අදාළ ගුරුවරිය සහ මෙම සිසුවා 60 වතාවක් පමණ ගල්කිස්ස ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ හෝටලයක් වෙත ගොස් ඇති බවද හෙළිවී තිබෙනවා.

එහිදී ගුරුවරිය සිය හැඳුනුම්පත භාවිත කරමින් අදාළ හෝටලයේ වෙන්කිරීම් සිදුකර ඇති බවද වාර්තා වෙයි.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් පවත්වන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට ඊයේ නියෝග කර තිබේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post