හෙට පැය 13ක් කරන්ට් එක නෑ ! සියලු විස්තර මෙන්න


හෙට ‍(31) දිනය තුළ පැය 13ක කාලයක් විදුලිය විසන්ධි වන බවට තොරතුරු වාර්තා වනවා.

ලංකා විදුලි බල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරන්නේ මේ වන විට පවතින උග්‍ර ඉන්ධන හිඟය හේතුවෙන් මෙම තීරණය ගැනීමට සිදුව ඇති බවයි.
$ads={2}
ලබන 5 වැනිදා දක්වා මෙලෙස දීර්ඝ විදුලි කප්පාදු කිරීම් සිදු කිරීමට ලංකා විදුලි බල මණ්ඩලයට සිදුව ඇත්තේ තාප විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඩීසල් සහ නැප්තා තොග ඔවුන් සතුව නොමැති වීම හේතුවෙන්.

හිරු ප්‍රවෘත්ති සමඟ අදහස් දැක්වූ ලංකා විදුලි බල මණ්ඩල උසස් නිලධාරියෙකු සඳහන් කළේ, සිකුරාදා දින සිට බොහෝ විට පැය 15ක කාලයක් විදුලිය විසන්ධි කිරීමට සිදුවනු ඇති බවටයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post