විභාග කාලයේ සියලු පාසල් වසන්න


කොවිඩ් වසංගතය පාසල් පද්ධතිය තුළ ව්‍යාප්ත වීමට ප්‍රධාන හේතුව සමස්ත ළමයි ගෙන්වීමට තීරණය කිරීම බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසනවා.

ලංකා ගුරු සංගමයේ මහනුවර දිසා සමුළුවට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවා.

එළඹෙන පෙබරවාරි 07 වැනිදා උසස් පෙළ විභාගය ආරම්භ කිරීමෙන් පසු සියලු ශ්‍රේණි වසා යම් ආකාරයක කොවිඩ් ව්‍යාප්තියක් පාලනය වන ආකාරයේ ක්‍රියාමාර්ග ගත යුතු බවට ඔහු කියා සිටියා.
$ads={2}
ඉතිහාසයේ කිසිම දිනෙක නොවූ ලෙස විභාග පැවැත්වෙන විට ප්‍රාථමික පාසල් පැවැත්වීමට කටයුතු කර ඇති අතර එය නතර කළ යුතු බවද ස්ටාර්ලින් මහතා පවසනවා.

මාර්තු මාසයේ පාසල් ආරම්භ කිරීමේදී කොවිඩ් ව්‍යාප්තියේ ස්වරූපය බලා පාසල් ආරම්භ කිරීමේ ක්‍රමවේදයක් විධිමත්ව සකස් කළ යුතු බවත් එය දේශපාලන තීන්දුවක් නොවී සෞඛ්‍ය බලධාරීන්ගේ තීන්දුවක් විය යුතු බවත් ඒ මහතා සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමු නොවුණහොත් සියලු වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කොට තීරණයක් ගන්නා බවද ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post