කොළඹ නගරයේ ආරක්ෂාව තරකරයි !


74 වන නිදහස් දින උත්සවය පැවැත්වෙන ලබන සිකුරාදා දිනයේදී විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා.

කොළඹ නගර සීමාව සහ බස්නාහිර පළාත ආවරණය වන පරිදි ආරක්‍ෂක නිලධාරීන් 3000 කට අධික පිරිසක් ඊට අනුයුක්ත කර ඇති බවයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පැවසුවේ.
$ads={2}
පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් එම සංඛ්‍යාවට ඇතුළත්.

ඊට අමතරව පොලිස් සහ ත්‍රිවිධ හමුදා බුද්ධි නිලදාරීන් ද යෙදවීමට කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post