පෙබරවාරි මාසය වන විට ඇති බොරතෙල් මිල මේ ආකාරයෙන්ම පැවතුණහොත් ඩීසල් ලීටරයකින් රුපියල් 48.30 ක අලාභයක් දැරීමට සිදුවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.
එමෙන්ම පෙට්‍රල් ලීටරයකින් රුපියල් 15.68 සිදුවන බවද එහි සභාපති සුමිත් විජේසිංහ මහතා පැවසීය.
$ads={2}
ඉන්දීය තෙල් සමාගම විසින් සිය ඉන්ධන මිළ වැඩි කිරීමත් සමග ඔවුන්ගේ පාරිභෝගිකයන් ද සිපෙට්කෝ බෙදුම්හල් වෙත පැමිණීම හේතුවෙන් තම අලාභය ඉහළ යන බව ද ඔහු පැවසීය.
මේ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියා මාර්ගයක් ලෙස ඉන්ධන මිල වැඩි කිරීමක් අත්‍යවශ්‍ය බව රජයට දැනුම් දුන් බවත් ඒ අනුව නුදුරේදීම මිල වැඩි කිරීමක් සිදු වුණු ඇති බවත් හෙතෙම කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.