හෙට පැය 04කට අධික විදුලි කප්පාදුවක්


හෙට දිනයේදී කාණ්ඩ කිහිපයක් යටතේ පැය හතරහමාරක පමණ කාලයක් දිවයින පුරා විදුලිය විසන්ධි කෙරෙන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක සඳහන් කර සිටිනවා.

කලාප 3කට පැය 4කුත් මිනිත්තු 40 කාලයක් සහ අනෙකුත් කලාපවලට පැය 4කුත් මිනත්තු 30ක කාලයක් විදුලිය විසන්ධි කෙරෙනු ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසුවේ.
$ads={2}
“ඉන්ධන සැපයුමේ හිඟය හේතුවෙන් හෙට දිනයේදී විදුලි විසන්ධි කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් කරන ලද ඉල්ලීමට මහජන උපයෝගිතා කොමිසම විසින් අවසර ලබාදී තිබෙනවා. ඒ අනුව A,B,C යන කාණ්ඩ සඳහා පැය 4 යි මිනිත්තු 40 ක්ද අනෙකුත් ප්‍රදේශවලට පැය 4 යි විනාඩි 30ක කාලයක් විදුලිය විසන්දි කිරීමට නියමිතව ඇත.

“විදුලිය නිපදවීමට දිනකට ඉන්ධන මෙට්‍රික් ටොන් 4000ක් පමණ අවශ්‍ය වනවා.අද (22) දිනයේදී ඉන්ධන මෙට්‍රික් ටොන් 2000ක හිඟයක් ඇතිවුණා. මේ හේතුවෙන් මෙගා වොට් 550ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට එක්කිරීම සඳහා බලාගාර වලට හැකිවී නැහැ. හෙට ඉන්ධන අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 4,000ක්. නමුත් සපයන්නේ මෙට්‍රික් ටොන් 1000යි. ඒ අනුව හෙට දිනයේ ඉන්ධන හිඟය මෙට්‍රික් ටොන් 3000ක්. එවැනි හිඟයක් ඇතිවුවහොත් මෙගාවොට් 750ක් ජාතික විදුලිබල පද්ධතියට අහිමිවෙනවා. මේ හේතුවෙන් හෙට උදෑසන පැය දෙකක කාලයක් සහ සෙසු කාලය හෙට රාත්‍රියේ දී විසන්ධි කිරීමට සිදුවනවා." මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නයකස් සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post