යුද හමුදාපතිවරයාගෙන් ප්‍රකාශයක්


ඉදිරි සතියේදී විශේෂ එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව, ඉදිරියේදී බූස්ටර් එන්නත ලබාදීමේ ජංගම එන්නත්කරණ මධ්‍යස්ථාන ක්‍රියාත්මක කරන බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.

දියතලාව ප්‍රදේශයේ පැවති වැඩසටහනකදී මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු ඒ බව ප්‍රකාශ කළේය.

පසුගිය දිනවල දී කොවිඩ් ආසාදිතයින්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බවද යුද හමුදාපතිවරයා පවසයි.
$ads={2}
ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළ යාමත් සමග හැකි ඉක්මණින් ජනතාව බූස්ටර් එන්නත ලබාගැනීමට ක්‍රියා කළයුතු බවද යුද හමුදාපතිවරයා අවධාරණය කළේය.

“පසුගිය සති තුන හතර කාල සීමාවේදී කොවිඩ් ආසාදිතයින්ගේ වැඩිවීමක් දක්නට ලැබෙනවා. මේ වන තෙක් බූස්ටර් එන්නතක් ලබාගැනීමට ක්‍රියා නොකරපු අපගේ ආදරණීය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ හැකි ඉක්මණින් බූස්ටර් එන්නත ලබාගැනීමට ක්‍රියා කරන්න. ඒ සඳහා ජනාධිපතිතුමාගේ උපදෙස්වලට අනුව ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව යොදවලා සෑම පුරවැසියෙකුටම එනනත් ලබාදීම සඳහා විශේෂ මධ්‍යස්ථාන අපි ආරම්භ කරනු ලැබුවා.

ඉදිරි සතිය 2ක තුළදී ජංගම ආකාරයෙන් පවා එන්නත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post