සඳුඳා සිට පාසල් පවත් වන ආකාරය මෙන්න


රට සාමාන්‍යකරණයට ලක් වීමත් සමග එළඹෙන සඳුදා සිට අධ්‍යාපන කටයුතු සාමාන්‍ය පිරිදි පවත්වාගෙන යමින් සියලු ම සිසුන් පාසලට පැමිණීමට අදාළ මාර්ගෝපදේශ නිකුත් කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍ය වෙත් අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේ ය.

මීට පෙර කොටස් වශයෙන් ළමුන් පාසලට ගෙන්වනු ලැබූ අතර එළඹෙන සඳුදා දින සිට එය සාමාන්‍ය පරිදි සිදු වනු ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
$ads={2}
මේ පිිළිබඳ වැඩිදුරට ත් අදහස් දක්වමින් ඔහු මෙසේ සඳහන් කළේ ය.

"වර්තමානයේ එන්නත්කරණය හරහා සාර්ථක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. රට සාමාන්‍යකරණ වැඩපිළිවෙළේ අධ්‍යාපන ක්ෂේත්‍රය ඉතාමත් ම වැදගත්. ගුරු භවතුන්ගේ සිට සම්පූර්ණ අධ්‍යාපන ක්ෂේත්‍රය ම නියෝජනය වන පරිදි මේ අනුව එන්නත් ලබා දීමේ වැඩපිළිවෙළ සෞඛ්‍ය අමාත්‍යංශය සහ අධ්‍යාපන අමාත්‍යංශය එක් ව සූදානම් කර තිබෙනවා. මේ වන විට එන්නත්කරණය සහ වසංගතය සම්බන්ධව අභියෝග රැසක් ජයගෙන තිබෙනවා. එය ඉදිරියට ගෙන ගොස් අංග සම්පූර්ණ ආවරණයක් ලබා ගැනීමට මෙම වැඩපිළිවෙළට සම්බන්ධ වී සම්පූර්ණ සහයෝගය ලබා දෙන්න"

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post