අද සහ හෙට විදුලිය කැපෙන වේලාවන් මෙන්න


පවතින අර්බුදය හමුවේ අද (24) රාත්‍රියේදී මෙන්ම හෙට ‍(25) දිනයේදී විදුලි කප්පාදුවක් සිදු කිරීමට සිදුව ඇති බව ලංකා විදුලි ඉංජිනේරු සංගමය පවසනවා.

එහි කමිටු සාමාජික එරංග කුඩාහේවා මහතා ප්‍රකාශ කළේ, අද පස්වරු 05.45 සිට රාත්‍රී 09.30 දක්වා පැයක කාලයක් සහ හෙට දහවල් 01.30 සිට රාත්‍රී 09.30 දක්වා කාණ්ඩ 4 ක් යටතේ පැය 2 ක පමණ කාලයක් විදුලි කප්පාදුවක් සිදුකිරීමට සිදුවන බවයි.

එහිදී ඒ මහතා මෙසේ ද අදහස් දක්වා සිටියා,
$ads={2}
"මේ වන විට සපුගස්කන්ද විදුලි බලාගාරය සම්පූර්ණයෙන්ම නැවතිලා තියෙනවා දැවි තෙල් නැතිවීම හේතුවෙන්. ඊට අමතරව බාච් විදුලි බලාගාරය සඳහා තව පැය 7කට වගේ ප්‍රමාණවත් වන පරිදි පමණයි දැවිතෙල් තියෙන්නේ. උතුරු ජනනි විදුලි බලාගාරය සඳහා තව දවස් දෙක හමාරකට පමණ දැවිතෙල් තියෙනවා. තව දවස් තුනහමාරකට විතර තමයි කැලණිතිස්ස විදුලිබලාගාරය සඳහා ඩීසල් ප්‍රමාණවත් වෙන්නේ. මේ විදියට බලද්දි අද රාත්‍රියේ විදුලි ඉල්ලුමට මෙගා වොට් 100ක පමණ අඩුපාඩුවක් තියෙනවා. ඒ නිසා රාත්‍රි කාලයේ බොහෝ විට පැයක පමණ විදුලි කප්පාදුවක් හවස 5.45 සිට 9.30 වගේ වෙනකල් යන්න බොහෝවිට ඉඩකඩ තියෙනවා. හෙට ඉඳලා දවල් 1.30 සිට රාත්‍රී 9.30 පමණ දක්වා කාණ්ඩ 4ක් යටතේ, පැය 2ක කාලයක් බොහෝවිට කප්පාදුවක් කරන්න සිද්ධවෙනවා දැවිතෙල් නැතිවීම හේතුවෙන්. නමුත් තව දවස් තුනකින් පස්සේ අපිට ඩීසල් නොලැබුණොත් මේ විදුලි කප්පාදුව පැය 3ක් දක්වා වර්ධනය වෙන්න බොහෝ සෙයින් ඉඩකඩ තියෙනවා."

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post