ඉන්ධන හිගයක අවදානමක්


ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානම තවදුරටත් පවතින බව බලශක්තිය අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

කෙසේ හෝ ජනවාරි මාසය පියමං කර ගතහොත් පෙබරවාරි මාසයේදී බලාපොරොත්තු වන ණය පහසුකම් ප්‍රමාණය ලැබුණහොත් ඉන්ධන ප‍්‍රශ්නයක් ඇති නොවනු ඇතැයිද හෙතෙම පැවසීය.

කෙසේ වෙතත් මාර්තු මාසයේදී එම අවදානම නැවත ඇතිවන බවද ඔහු සඳහන් කළේය.
$ads={2}
මෑතකදී ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම අනුව ශ්‍රී ලංකාවේ ඉන්ධන හිඟයක් ඇති වුවහොත් මාස තුනකින් පියවීෙම් පදනම මත ශ්‍රී ලංකාව ඉල්ලන ඉන්ධන වර්ගය ලබාදීමට එකඟ වී ඇති බවද හෙතෙම පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ හිරු රූපවාහිනිය සමග පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.

කෙසේ වෙතත් මෙරට ඉන්ධන හිගයක් ඇති වන්නේ නම් ඒ සම්බන්ධයෙන් කට කතා වලට නොරැවටෙන ලෙසත් හිගය ගැන මුලින්ම රටට දැනුම් දෙන්නේ බලශක්ති අමාත්‍යවරයා විදිහට තමන් විසින් බවත් ඔහු එහිදී කියා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post