අගමැති මහින්දට හදිසි ශල්‍යකර්මයක් - චමල්


අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හදිසි ශල්‍යකර්මයට භාජනය කර සිටින බව වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පොළ ප්‍රදේශයේ දී පැවැත්වීමට නියමිත වූ උත්සවයකට ඔහු නියෝජනය කරමින් එක්වෙමින් අමාත්‍යවරයා මෙසේ කියා සිටියේය.
$ads={2}
අග්‍රාමාත්‍යවරයා එම ශල්‍යකර්මය හේතුවෙන් පැමිණෙන්නට නොහැකි වුවද අග‍්‍රාමාත්‍යවරයාගේ සුභාශිංසන පණිවිඩය ඉදිරිපත් කර ඇති බවද ඔහු එහිදී පැවසීය.

කෙසේ වෙතත් ‍අගමැතිවරයා කොළඹ නවලෝක රෝහලේදී ශල්‍යකර්මයකට භාජනය කරන ලද බවට වූ මාධ්‍ය වාර්තා ප‍්‍රතික්‍ෂෙප කරමින් ක‍්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ මහින්ද රාජපක්ෂ මහතා කිසිදු ශල්‍යකර්මයට ලක් නොකල බවත් තමන් සමග තම පියා නවලෝක රෝහලට ගොස් රෝගියෙකුගේ සුදු බැලීමක් සිදු කළ බවත්ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post