ආණ්ඩුවේ 50ක් විපක්‍ෂයට…


එළඹෙන අගෝස්තු මාසය වනවිට ආණ්ඩුව කණ්ඩායම් තුනකට කැඩී වෙන්වන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා සඳහන් කරයි.

ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරු 50ක් පමණ විපක්ෂයේ අසුන් ගන්නා බවද ඉන් පසුව පාර්ලිමේන්තු බහුතරයේ එකගත්වය මත පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරනු ඇති බවත් හෙතෙම පැවසීය.
$ads={2}
ඔහු මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ජනතාවද අද මේ ආණ්ඩුව පලවා හරින්නට සූදානමින් සිටින බවත් එනිසා ඔළු ගෙඩි මාරුකර කුමන්ත්‍රණය කර ආණ්ඩු පිහිටුවීමට සූදානම් නැති බවත් හෙතෙම සඳහන් කළේය.

නිවැරදි වේලාවට නිවැරදි ආකාරයට ප්‍රජාතන්ත්‍රවාදීව මැතිවරණයකින් ආණ්ඩුව පිහිටුවීමට තම පක්ෂය සුදානම් බවද හෙතෙම කියා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post