දිල්හානිට කොහොමද කැමරාව ඉදිරියේ නිරුවත් වෙන්නේ කියන ප්‍රශ්න තිබුණා

Jangi Hora
මොකක්ද ඒකෙ තියෙන වැරැද්ද කියලයි මට අහන්න තියෙන්නේ. ඒක චිත්‍රපටයක්. චිත්‍රපටයක නමක්. සෑම චිත්‍රපටයක්ම, සෑම නිර්මාණයක්ම එකම රටාවේ එකම වගේ නොවෙයිනේ. අපි විවිධ මාතෘකා යටතේ විවිධ රටාවල චිත්‍රපට කරනවා. සමහර වෙලාවට මේ චිත්‍රපටය මම මෙතෙක් කරපු රටාවේ එකක් නොවෙන්න පුළුවන්. මෙතෙක් කරපු තේමාවන් වස්තු බීජයන් නොවෙන්න පුළුවන්.

ඒකෙ වෙනසක් තියෙනවා. නමුත් මම හඳුන්වන්නේ ඒක සිනමා නිර්මාණයක් නැතිනම් සිනමා කෘතියක් පමණයි කියලා ඒකේ මට වෙනසක් නැහැ.

* නමුත් සෝමරත්න දිසානායකයන් මිනිස්සු අතරට ගිහින් තියෙන්නේ ළමා නිර්මාණකරුවෙක් විදියට. එක්තරා පැත්තකින් මේක ඔබට අවාසියක් නේද?
නැහැ. මම හිතනවා සමහර වෙලාවට මුදල් පැත්තෙන් බැලූවොත් මම නිකං චිත්‍රපට හදන ව්‍යාපාරිකයෙක් හැටියට ගත්තොත් ඔය කියන කතාවේ ඇත්තක් තියෙන්න පුළුවන්. මට ඒ පැත්තෙන් අවාසියක් තියෙන්න පුළුවන්. නමුත් මම එහෙම එක මාතෘකාවක හිරවෙලා මුදල් උපයන ආදායම් මාර්ගයක් කරගත්තු ව්‍යාපාරිකයෙක් නොවෙයි. මම නිර්මාණකරුවෙක් ඒක නිසා මට විවිධ මාතෘකා යටතේ විවිධ විවිධ තේමා යටතේ නිර්මාණ කරන්න පුළුවන්. සමහර චිත්‍රපටවලට ළමයින් ගේ සහ පවුලේ ආකර්ෂණයත් තිබුණා කියලා මම දන්නවා. නමුත් ඒ නිසාම ඒ ආකර්ෂණය සඳහාම මට එක තැනක එක කූඩුවක හිරවෙලා ඉන්න බැහැ. මම විවෘතව මගේ නිර්මාණ කරනවා. ප්‍රේක්ෂකයාට භාරයි ඒවා කොහොමද භාරගන්නේ කියලා. මොන වයස් කාණ්ඩයේ අයද බලන්නේ කියන එකත් මගේ ප්‍රශ්නයක් නොවෙයි.
$ads={2}
* කෙනෙක් ඔබට චෝදනා කළොත්. එදා වැඩිහිටියන්ට පමණයි නිර්මාණ හැදෙන කොට ඔබ දරුවෝ ඉලක්ක කරගෙන පවුල් ඉලක්ක කරගෙන සිනමා නිර්මාණ හදන්න ඕනෑ කියලා සටන් කළා. අද ඔබ වැඩිහිටියන්ට පමණයි චිත්‍රපට හදනවා කියලා චෝදනා කළොත්?
නැහැ. ඒක වැරදියි. චෝදනාවක් මම එහෙම සටන් කරලා නැහැ. මම කියලා නැහැ කවදාවත් නිර්මාණ හැදෙන්න ඕනෑ පවුල සඳහා ළමයි සඳහා විතරයි කියලා. මම කවදාවත් එහෙම එකක් කියලා නැහැ. එහෙම හදන අය ඉන්නවා. කමක් නැහැ. මම හිතනවා සෑම නිර්මාණකරුවෙක්ම එකතැන හිරවෙන්න වුවමනා නැහැ. ඕනෑම නිර්මාණකරුවෙක් ළඟ ළමයෙක් ඉන්නවා. වැඩිහිටියෙක් ඉන්නවා. ඒ වගේම ඕනෑම නිර්මාණකරුවෙක් ළඟ ළමයින්ට දෙන්න දේවල් තියෙනවා. වැඩිහිටියන්ට දෙන්න දේවල් තියෙනවා. ඒ නිසා අපි විවෘත වෙන්න ඕනෑ හැම දෙයක්ම කරන්න ඕනෑ එක තැනකට සීමා නොවී.

* ජංගි හොරා සිනමා නිර්මාණයේ වස්තු බීජය ගැන කතා කළොත්?
මේක මානසික ව්‍යාධියකින් පෙළෙන තරුණයෙකුගේ කතාවක්. එක එක අයට එක එක මානසික පීඩන මානසික ව්‍යාධීන් තිබෙනවා. විශේෂයෙන් පිරිමියෙක් නම් කාන්තාවන්ගේ අපි කතා නොකරන අපිට වැඩිපුර නොපෙනෙන දේවල් ගැන කුතුහලයක් තියෙනවා කියන එක ස්වාභවයක්. ඒක ඕනෑම කෙනෙකුට කියන්න පුළුවන්. විරුද්ධ ලිංගිකයාගේ ලිංගිකත්වය පිළිබඳ කියන එක ස්වභාවික දෙයක්. ඒක වනචරකමක් හෝ අසභ්‍ය දෙයක් හෝ සමාජ විරෝධී දෙයක් හෝ ආගමික විරෝධී සංස්කෘතික විරෝධී දෙයක් නොවෙයි. ඒක ස්වභාවය. නමුත් අපට ස්වභාවයෙන් සමාජයෙන්, සංස්කෘතියෙන් ආගමින් සමහර වෙලාවට සමහර දේවල් සීමා කරලා තිබෙනවා. මේවා ගැන කතා කරන්න බෑ. මේ වචන වැරදියි. මේවා කුණුහරුප. මේවා පරුෂ වචන, අසභ්‍ය වචන කියන එක. නමුත් එහෙම එකක් නෑ. ජංගි කියන එකේ මොකක්ද තියෙන අසභ්‍යතාවය කියන එක තමයි මට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. අපි කවුරුත් ජංගි අඳිනවා. ඇඳලා තියෙනවා. පොඩි ළමයින්ට ජංගි අන්දනවා. පොඩි ළමයි ජංගි තෙමා ගන්නවා. අපි ජංගි හෝදනවා. ඉතිං ඒක සාමාන්‍ය දෙයක්. අපි සමාජයෙන්ම තමයි හිතාගෙන තියෙන්නේ මේක අසභ්‍ය කියලා.

* ජංගි හොරා කියන්නේ කුණුහරුපයක් නෙමෙයි?
ඔව් ජංගි හොරා කියන්නේ කුණුහරුපයක් නොවෙයි. අපි අඳින ජංගියට ජංගිය කියනවා නම් හොරකම් කරන මිනිසාට හොරා කියනවා නම් ජංගි හොරකම් කරන මිනිහට අපි මොකක්ද කියන්නේ. ජංගි හොරා, බයිසිකල් හොරකම් කරන මිනිහා බයිසිකල් හොරානම් පෑන් හොරකම් කරන මිනිහා පෑන් හොරා නම්, පොල් හොරකම් කරන මිනිහා පොල් හොරා නම්, ජංගි හොරකම් කරන මිනිහා කවුද? ජංගි හොරා. ඒක නරකක් නොවෙයි. කුණුහරුපයක් නෙමෙයි. අපිම මේවා හදාගත්තු දේවල්නේ. මම කලාකරුවෙක් හැටියට සමාජයේ අසාධාරණ විදිහට හිරවෙලා ඉන්න කැමැති මිනිහෙක් නොවෙයි.

* දිල්හානි ඒකනායක අතට පිටපත දෙනකොට ඇය ඇත්තටම ඔබට මොනවද මුලින්ම කිව්වේ.?
දිල්හානිත් එක්ක මේක කතා කළා. මම මුලින්ම දිල්හානිට කිව්වා. මේ කතාව මෙහෙම එකක්. ඔයාට මෙන්න මේ විදියේ චරිතයක් නිරූපණය කරන්න තියෙනවා. මෙන්න මේ විදියේ ජවනිකා තියෙනවා කියලත් කිව්වා. මුලින්ම මම ඇයට පිටපත් යැව්වා. ඇය පිටපත කියලා අවසන් වුණාම පසුව තමයි මම ඇයව හමුවෙන්න ගියේ. දිල්හානිට සැක තිබුණා. ඒ වගේම දිල්හානිට සමහර කුතුහලත් තිබුණා. ඒ ජවනිකාවලට කොහොමද පෙනී සිටිනේනේ. කොහොමද කැමරාව ඉදිරියේ නිරුවත් වෙන්නේ කියන ප්‍රශ්න තිබුණා. එතකොට මම එයාට පැහැදිලි කරලා කිව්වා. දිල්හානි මේක කාම රැල්ලේ චිත්‍රපටයක්වත් ගැහැනියකු ගේ නිරුවත පෙන්වලා ආකාර්ෂණයක් ගන්න හදන චිත්‍රපටයක් නොවෙයි. මේක මනෝ විiාත්මක චිත්‍රපටයක්. ඒකට අවශ්‍ය විදිහට සමහර වෙලාවට සමහර තැන්වල නිරුවත් ජවනිකා තියෙනවා. දිල්හානිත් ඒක අවබෝධ කරගෙන හිටියේ නැහැ. පැහැදිලි කළාට පස්සේ අවබෝධ කරගත්තා. මම මේ ගැහැණියකුගේ නිරුවත විකුණලා චිත්‍රපටයක ආකර්ෂණය ගන්න හදන්නේ නැති වග දිල්හානි තේරුම් ගත්තා. නිර්මාණශීලීව සීමාසහිතව ඒ ඒ ජවනිකාවලට පෙනී සිටීමට පසුව කැමැත්ත ප්‍රකාශ කළා.

* ඇත්තටම ‘ජංගි හොරා’ එළියට දාන්න මේ සුදුසුම කාලයද?
සුදුසුම කාලයක් කියලා කියන්න බැහැ. සාමාන්‍යයෙන් ජංගි හොරාට නොවෙයි මුළු සිනමාවටම මේක එතරම් සුදුසු කාලයක් නෙමෙයි. සාමාන්‍යයෙන් මුළු ලෝකයටම වගේම අපේ රටටත් එතරම් සුදුසු කාලයක් නෙමෙයි. නමුත් අපිට කල් යල් බලනවා කියලා. කොච්චර කල් බලන්නද ඕක කවදා නිවැරදි වෙනවාද? කවදා යථා තත්ත්වයට පත්වෙනවද? කවදාද සිනමාව යහපත් වෙනවා කියන එක ගැන අපි දන්නේ නැහැනේ. සිනමාව යහපත් වෙන්න කියලා නිකං හඳහන් බලලා වැඩක් නැහැනේ. සිනමාව යහපත් වෙන්න නම් අපි යහපත් සිනමා නිර්මාණ ප්‍රේක්ෂකයාට දෙන්න ඕනෑ. යහපත් සිනමා ශාලා බිහි කරන්න ඕනෑ. ඉතින් මේ කාර්ය නොකර සිනමාව කඩා වැටිලා සිනමාවත් නැතිවී යනවා. සිනමා ශාලා වැසී යනවා. වැළලී යනවා කියලා කිය කියා හිටියට වැඩක් නැහැ. ඒකට ප්‍රතිකර්ම කරන්න ඕනෑ.

* හැබැයි දැන් ප්‍රතිකර්මයක් කළා නේද? සිනමාව කර්මාන්තයක් කිරීම ගැනවත් ඔබ සතුටු නැතිද?
නැහැ. ඒ ගැන සතුටුයි ඕක අපි ඉල්ලපු දෙයක්. ඒක අද ඊයේ ඉල්ලපු දෙයක් නොවෙයි. දැන් අවුරුදු ගණනාවක සිට ඉල්ලන දෙයක්. මම හිතන්නේ අවුරුදු දහයක පහළොවක සිට ඉල්ලන දෙයක්. ඒක හම්බවුණේ නැහැ. මෙච්චර කාලයක් දැන් හරි ඒක හම්බවුණ එක හොඳයි. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. සිනමාව කර්මාන්තයක් කිරීමම සිනමාවේ ප්‍රශ්නවලට විසඳුම නොවෙයි.

සිනමාවේ තියෙන එකම ප්‍රශ්නය මේක කර්මාන්තයක් නොකිරීම නොවෙයි. ඒක ප්‍රශ්නයක් තමයි. නමුත් තවත් විසඳන්න බොහෝ ප්‍රශ්න තියෙනවා. අපේ සිනමාවට ආවේණික වූ ප්‍රශ්න කන්දරාවක් තියෙනවා. ඒ හැම එකම විසඳන්න බැහැ. ඔන්න අපි ඔයාගොල්ලො කියපු විදියට සිනමාව කර්මාන්තයක් කළා. දැන් ඉතිං හරි නේද කියලා කාටවත් අහන්න බැහැ. ඒක අපේ ප්‍රශ්න කන්දරාවෙන් එක ප්‍රශ්නයක් පමණයි. එයින් සිනමාවේ සියලූම ප්‍රශ්න විසඳෙන්නේ නැහැ.

දිනේෂ් විතාන
දිවයින

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post