සජබ අදත් පාර්ලිමේන්තුව වර්ජනය කරයි


සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් අදත් පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට තීරණය කර තිබෙනවා.

පසුගිය සිකුරා දා මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා මුල්කරගනිමින් ඇති වූ සිද්ධියත් සමඟ තම මන්ත්‍රීවරුන්ට ආරක්ෂා නොමැති බව පවසමින් ඔවුන් ඊයේ සිට පාර්ලිමේන්තු සභාවාරය වර්ජනය කරනවා.

පසුගිය සෙනසුරාදා ද මෙම සිද්ධියට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සභා ගර්භයෙන් පිටව ගියා.
$ads={2}
මේ අතර සභාවාරය වර්ජනය කළ මන්ත්‍රීවරුන් කළු පටි පැලඳ පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතා පුවරු රැගෙන විරෝධතාවයක ද නිරත වුණා.

එසේම මොවුන් අද පෙරවරුවේ ද පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතාවක් සංවිධාන කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post