ණය නඩුවලින් බේරෙන්න පියා මව සමග පුතු රොසැල්ලේදී දුම්රියට පනී



බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වූ උඩරට මැණිකේ දුම්රියේ ගැටී එකම පවුලක පියා, මව හා පුතකු ඊයේ ජීවිතක්ෂයට පත්වී තිබූ බව වටවල පොලිසිය පැවසීය.

මෙම තිදෙනා වයස 70,65 හා 40 වැඩිහිටියන්ය.
ඊයේ (08) දින උදෑසන 11.45ට පමණ මෙම තිදෙනා රොසැල්ල සහ වටවල දුම්රිය ස්ථාන අතර 103 සැතපුම් කණුව අසලදී දුම්රියේ ගැටී ඇත.

දුම්රියේ ගැටී ජීවිතක්ෂයට පත් තිදෙනා මස්කෙළිය සාමිමලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට තහවුරු වී ඇත.

මේ තිදෙනා රොසැල්ල දුම්රිය ස්ථානයේ සේවකයන්ගෙන් දුම්රිය ධාවනය වන වේලාවන් විමසා රොසැල්ල දුම්රිය ස්ථානයේ සිට වටවල දුම්රිය ස්ථානය දෙසට පාගමනින් ගමන් කළ බව රොසැල්ල දුම්රිය ස්ථානයේ සේවකයකු පැවසීය.

ජීවිතක්ෂයට පත් තිදෙනා දුම්රියට පැන ඇත්තේ සිය දිව හානි කර ගන්නා අදහසින් බව මේ වනවිට අනාවරණයවී ඇත.
$ads={2}
දුම්රියේ ගැටී ජීවිතක්ෂයට පත් එක් අයකු ශාන්ත කුමාර් රාජ් (40) හැවිරිදි බවත්, ඔහු මස්කෙළිය සමිමලේ ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ අතර ඔහු කුළුබඩු වෙළෙඳාමේ නියුතුව සිට ඇත.මුදල් වංචා සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පොලිසියේ පැමිණිලි ගණනාවක් තිබී ඇති අතර විවාහ 4 ක් සිදු කරගෙන වරින්වර දික්කසාද වී නඩත්තු ගෙව්මට සිදවීම හේතුවෙන් ඔහුට විශාල මුදලක් නිතර රැස්කරගතයුතු ගැටලු කාරී ආර්ථිකයක සිරවී සිටි අයෙකි.
මේ අය නඩුවලට සිරවී සිටි අතර ආසන්න කාලයේ විභාග වන නඩුවලින් සිරගතවීමට ඉඩ තිබුණ බව පැවසිණි.

මේ අතරවාරයේ ණයකරුවන්ගෙන් බේරීමට පවුලේ පියා හා මව සමග ඔහු විසූ නිවසින් ඉවත්ව වෙනත් කුලී නිවසක කාලයක් වාසය කරමින් සිට ඇත. එතැනිනුත් ගැලවීමක් නැති තැන මෙලෙස දිවිනසාගන්නට ඇතැයි විශ්වාස කෙරේ.

දුම්රියේ ගැටී ජීවිතක්ෂයට පත් තිදෙනාගේ සිරුරු එම දුම්රියෙන්ම නාවලපිටිය දුම්රිය ස්ථානය වෙත රැගෙන ගොස් භාරදීමට එම දුම්රියේ ආරක්ෂක අංශ නිලධාරීන් පියවර ගෙන තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post