ප්‍රියන්තගේ මරණ වාර්තාව නිකුත් වෙයි!



පාකිස්තානයේදී අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර මහතාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව මේ වනවිට නිකුත්ව තිබේ.

එම වාර්තාවට අනුව පහර දීමෙන් ප්‍රියන්ත කුමාර මහතාගේ හිසට සහ සිරුරේ අස්ථිවලට බරපතළ හානි සිදුව තිබේ.

හිස්කබලට දැඩි ලෙස හානි සිදුව ඇති බවත්, පිලිස්සීමෙන් ඒ මහතාගේ සිරුරේ පටක 99%ක්ම විනාශ වී ඇති බවත් එම වාර්තාවේ දැක්වේ.
$ads={2}
එමෙන්ම එක් පාදයක් හැරුණු විට සිරුරේ අස්ථි සියල්ලම බිදී ඇති බවත් එහි සදහන් බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කොට ඇත.

දේහය හෙට (06) පෙරවරු 10ට ශ්‍රී ලංකාවට එවීමට නියමිතව තිබේ.

ලාහෝර් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට පාකිස්තාන ජාත්‍යන්තර ගුවන් සේවයට අයත් ගුවන්යානයකින් එම දේහය ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිතව ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post