11 වසරක් ලංකාවට මුදල් එවූ ප්‍රියන්ත කුමාරට දුන් වටිනාකම මෙන්න



පකිස්ථානයේ සියල්කොට්හිදී අමානුෂික ලෙස වධ හිංසා පමුණුවා ඝාතනයට ලක් කළ ශ්‍රී ලාංකික වෘත්තිකයෙකු වූ ප්‍රියන්ත කුමාර දියවඩනගේ මහතාගේ බිරිඳ සහ දරුවන්ගේ ශුභසාධනය වෙනුවෙන් මුදල් පරිත්‍යාගයක් කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවක ශුභසාධක අරමුදල මගින් රුපියල් මිලියන 2.5ක මුදලක් ප්‍රදානය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.
$ads={2}
විගමනික සේවකයෙකු ලෙස ප්‍රියන්ත කුමාර මහතා වසර 11කට අධික කාලයක් ශ්‍රී ලංකා ආර්ථිකයට කළ දායකත්වය සැලකිල්ලට ගෙන මෙලෙස එම මුදල් ප්‍රදානය කිරීමට තීරණය කර තිබේ.

ඊට අදාළ යෝජනාව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ඉදිරිපත් කරනු ලැබ ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post