තවත් ගුවන් යානයක් හදිසියේ ගොඩ බෑමකට (වීඩියෝ)


මීගමුව - කටාන, දාගොල්ල ප්‍රදේශයට සැහැල්ලු ගුවන් යානයක් හදිසි ගොඩබෑමක් සිදු කර ඇති බව කටාන පොලීසිය පවසනවා.

කෙසේ වෙතත්, පෞද්ගලික ගුවන් සමාගමකට අයත් මෙම ගුවන් යානය සිදු කළ හදිසි ගොඩබෑම හේතුවෙන් කිසිදු අනතුරක් වාර්තා වී නැහැ .
$ads={2}
ශ්‍රී ලංකා ගුවන් හමුදා විශේෂ කණ්ඩායමක් ගුවන් යානය ගොඩබෑ ස්ථානය වෙත යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය 22 වැනිදා ද මේ ආකාරයෙන් ම පෞද්ගලික ගුවන් සේවාවකට අයත් නියමුවන් පුහුණු කරන සැහැල්ලු ගුවන් ‍යානාවක් කළුතර - පයාගල වෙරළ තීරයට ගොඩබස්වනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post