බස්රථයකට එල්ලවූ කිළිපොලා යන ප්‍රහාරය මෙන්න



බුත්තල කතරගම ප්‍රධාන මාර්ගයේදී සංචාරකයින් පිරිසක් ගමන් ගත් කුඩා බස් රථයකට වන අලි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

බස් රථයේ සිටි පිරිස් විසින් වනඅලියාට ආහාර ලබා දී ඇති අතර, එම අවස්ථාවේදී වනඅලියා විසින් බස් රථයට පහර දී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
$ads={2}
පසුව බස් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ඇති නමුත්, කිසිවෙකුට හානියක් සිදුවී නැහැ.

මේ දිනවල බුත්තල - කතරගම මාර්ගයේ වනඅලි වැඩි වශයෙන් ගැවසෙන නිසා වනඅලින්ට ආහාර ලබා දීමෙන් වළකින ලෙසයි, වනජීවී නිලධාරින් ඉල්ලා සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post