අගනුවරටත් රාත්‍රී ඇඳිරි නීතිය

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර දෛනික කොවිඩ් ආසාදිතයින් සියයට 16 කින් ඉහළ යාමත් සමඟ හෙට සිට රාත්‍රී ඇඳිරි නීතිය පැනවීමට නවදිල්ලි නාගරික බලධාරීන් තීරණය කර තිබෙනවා.

ඒ අනුව හෙට (27) රාත්‍රී 11 සිට අලුයම 5 තෙක් ඇඳිරි නීතිය ක්‍රියාත්මක බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

එමෙන්ම, මුම්බායි නගරයේද දෛනික ආසාදිතයින් සියයට 21 කින් ඉහළ ගොස් ඇති අතර එම සංඛ්‍යාව දැක්වෙන්නේ 757 ක් ලෙසයි. එය ගතවූ මාස 07 ක කාලය තුළ මුම්බායි නගරයෙන් දිනකදී වාර්තා වූ වැඩිම ආසාදිත සංඛ්‍යාවයි.
$ads={2}
මේ අතර, ඇමරිකාවේ නිව්යෝක් නුවර කොරෝනා ආසාදිතව රෝහල් ගත කරන ළමයින්ගේ වැඩි වීමක් පෙන්නුම් කරන බව විදෙස් වාර්තා සඳහන් කළා.

ලොව පුරා කොරෝනා අසාදිතයින් කෝටි 28 ඉක්මවා යමින් විසිඅට කෝටි තුන් ලක්ෂ පහලොස් දහස් දෙසිය දෙකක් ලෙස සටහන් වුණා.

එමෙන්ම, සමස්ත ගෝලීය මරණ සංඛ්‍යාව දැක්වුණේ පනස් හතර ලක්ෂ 16,273 ක් ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post