කොවිඩ් සුනාමියක් ගැන අනතුරු ඇඟවීමක්



එළඹෙන උත්සව සමයේදී ගමන් බිමන් යාමට පෙර කොවිඩ් මර්දන එන්නතේ බූස්ටර් මාත්‍රාව ලබා ගන්නා ලෙස ඖෂධ නිෂ්පාදන, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

එලෙස බූස්ටර් මාත්‍රාව නොගෙන සිටියහොත් දෙසැම්බර් මාසයේ අවසාන සතිය වන විට ''කොවිඩ් සුනාමියකට'' මුහුණ දීමට සිදු වන බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ ය.
$ads={2}
චන්න ජයසුමන මහතා වැඩිදුරට ත් සඳහන් කළේ, වැඩි ම බූසටර් මාත්‍රා ප්‍රමාණයක් ඊයේ දීනයේදී ලබා දී ඇති බව ය.

"මේ දෙසැම්බර් මාසයේ අන්තිම සති දෙකේදී බෙහෝ දෙනා තමන්ගේ නෑදෑ හිත මිතුරන්ගේ ගෙවල්වලට යනවා. මේවා සීමා කිරීමේ අවශ්‍යතාවයක් අපි හිතන්නේ නැහැ තියනවා කියලා. ඒ නිසා ගමන් යන්න ඉස්සර වෙලා බූස්ටර් එන්න ලබා දෙන්න තීරණය කළේ. බූස්ටර් එන්නත ලබා ගන්නේ නැතුව විනෝද වෙන්න ගියොත් දෙසැම්බර් මාසේ අන්තිම සතියේ කොවිඩ් සුනාමියකට ලෑස්ති වෙන්න වෙනවා."

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post