නුවර වැව ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (10) දින අලුයම 12.00 සිට රාත්‍රී 8 දක්වා පැය 20ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත් හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරනවා.
$ads={2}
ඒ අනුව,අනුරාධපුර නව නගර ජල සම්පාදන ක්‍රමය – අනුරාධපුර පළමු පියවර
අනුරාධපුර උතුර ජල සම්පාදන ක්‍රමය – යාපනය හන්දිය , මාතලේ හන්දිය ,කුරුන්දන්කුලම , සාලියපුර , රඹෑව, ගල්කුලම,
මිහින්තලේ ජල සම්පාදන ක්‍රමය – මිහින්තලේ ජල සම්පාදන ක්රමයේ සිට ඒ 9 මාර්ගය , මරදන්කුලම, දොරමඩලාව, සමෘද්ධි මාවත,උක්කුලන්කුලම,ජයන්ති හන්දිය, සන්ගිලිකුලම, රඹෑව වැව පාර, මහකනදාරව, බෝගහයාය, කඳුවටාපාර, රුවන්ගම, වැල්ලමොරොන , තරියන්කුලම, පලුගස්වැව , සට්ම්බිකුලම , මිහින්තලේ නගරය, අම්බතලාගම, පොලිස්ගම්මානය, මහින්ද රාජපක්ෂ මාවත, වේලන්කුලම, ත්‍රිකුණාමල පාර, කිරින්දේගම සහ ඉසුරු උයන යන ප්‍රදේශ වලට ජල සැපයුම අත් හිටුවනු ඇති.