මට හැම දෙයක්ම නැවත පුරුදු කරලා ගත්තේ මගේ බිරිඳ – වික්ටර් රත්නායක

victor rathnayake wife

සිංහල සංගීතයේ දැවැන්ත චරිතයක් විදිහට කවුරුත් දැන අඳුනන වික්ටර් රත්නායකයන් පසුගිය සමයේ විශාල කතාබහකට ලක්වුණු චරිතයක්. ඒ, ඔහුගේ දෙවැනි විවාහයත් සමඟ යි.

කෙසේ වෙතත් වික්ටර් රත්නායක පසුගිය සමයේ අසනීප තත්ත්වයෙනුයි පසුවුනේ. අසනීප තත්ත්වය සුව වූ වහාම තමන්ගේ අලුත්ම ගීතයක් රසිකයින්ට සමීප කරන බව කියමින් ඔහු සිය මුහුණු පොතෙත් සටහනක් තබා තිබුණා.
$ads={2}
එමෙන්ම පසුව ඔහු සතිඅන්ත පුවත්පතකට ඔහුගේ අලුත්ම තොරතුරු කියා තිබුණේ මෙහෙමයි...

"මේ දවස්වල අලුත් නිර්මාණ කිහිපයක් එළිදැක්වීමට කටයුතු සංවිදානය කරගෙන යනවා. නමුත් මේ දවස්වල තිබෙන තත්වයත් එක්ක කළා ක්ෂේත්‍රයේ වැඩ කටයුතු තරමක් පසුපසට යනවා. අද කාලේ ගුවන් විදුලිය සහ රුපවාහිනී ගත්තම විශ්වාස කරන්න තරමක් අපහසු තත්වයක් තිබෙන්නේ."


"නමුත් වර්තමාන තාක්ෂනය හරහා සමාජ මාධ්‍යන් ඔස්සේ විශාල වැඩ කොටසක් කරන්නට හැකියාව තිබෙනවා. මේ ඔස්සේ අපේ රටේ ගොඩක් අය කෙටි පණිවිඩ ඔස්සේ ගීත නිර්මාණ ගැන වගේම සුව දුක් පවා විමසනවා"


"මම අසනීප තත්වයෙන් හිටිය දිනවල බොහෝ දෙනෙකු සුවදුක් විමසලා තිබුනා. මුහුණු පොත ඉස්සෙ ලැබී තිබුණු ආශීර්වාද හැම දෙයක්ම මගේ බිරිඳ මට ඇහෙන්න කියෙව්වා. ඉදිරියේදී ගොඩක් ලොකු වැඩ වලට සම්බන්ද වෙන්න නොහැකි වේවි. නමුත් මගේ නිර්මාණ දිගටම කරගෙන යනවා. ජිවිතේ හැමදේකදිම බිරිඳ මට හයියක් වුනා. කෙනෙක් වයස් ගතවෙලා ආදරේ සොයනවා නම් ඒකට වරදක් කියන්න බැහැ. එහෙම වෙන්න හේතුවක් සොයා බලන්නේ නැතිව විවේචන සිදුකිරීම අනුමත කරන්න බැහැ. අද මගේ ළඟ බිරිඳ හිටියේ නැත්නම් මම ගොඩක් තනි වෙනවා. අපේ බැඳීමට වයස් පරතරයක් කිසිදා බලපාලා නැහැ..."

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post