බොඩි එක ගෙනිච්චේ ලොරියකින්.. සියල්ල එළියට, සීසීටීවී වීඩියෝ මෙන්න!



සපුගස්කන්ද ප්‍රදේශයේ කසල ගොඩක ගමන් බෑගයක දමා ගොස් තිබී සිරුර හමුවූ කාන්තාවගේ ඝාතනය සම්බන්ධයෙන් අඹුසැමි යුවලක් පොලිසිය අත්අඩංගුවට ගත්තා.

ඊට අමතරව ඇයගේ ඝාතනය සම්බන්ධයෙන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ තවත් පුද්ගලයෙකු සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.

සපුගස්කන්ද - මාබිම ප්‍රදේශයේ මාර්ගයක, කසල එක්රැස් වී ඇති ස්ථානයක තිබියදී මෙම මළ සිරුර හමු වුණේ පසුගිය 4 වැනිදායි.

අත් පා ගැට ගසා ගමන් බෑගයකට දමා තිබූ මළසිරුර ප්ලාස්ටික් පැදුරකින් ඔතා තිබූ අතර, එලෙස මියගොස් තිබුණේ මාළිගාවත්ත මහල් නිවාස සංකීර්ණයේ පදිංචි 44 හැවිරිදි මොහොමඩ් සාෆී ෆාතිමා මුම්ටාස් නැමැති කාන්තාවක් බවට පසුව තහවුරු වුණා.

ඝාතනයට ලක් වූ ෆාතිමා මුම්ටාස් මුදලට සූදූ ක්‍රීඩා කළ සහ මුදල් පොලියට ලබා දෙන කාන්තාවක් බවටද විමර්ශකයින් අනාවරණ කරගෙන තිබුණා.

මෙම මරණය සම්බන්ධයෙන් සපුගස්කන්ද, බ්ලු‍මැන්ඩල් , මාළිගාවත්ත සහ කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් මේ වනවිට තොරතුරු රැසක් අනාවරණ කරගෙන තිබෙනවා.

ඒ අනුව අණාවරණ වූයේ අදාළ කාන්තාව පසුගිය 28 වැනිදා පස්වරු 3ට පමණ බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ පදිංචි රොසානා නැමැති කාන්තාවක් සහ ඇගේ සහෝදරයකු බව කියන පුද්ගලයෙක් සමග ත්‍රී රෝද රථයක නැගී පිටව ගොස් ඇති බවයි.

ඒ මට්ටක්කුලිය සමිට්පුර ප්‍රදේශයේ පදිංචි සැකකාර රොසානා නැමැති කාන්තාවගේ නිවස වෙතයි.
$ads={2}
එම නිවසේදී ඇය මුදලට සූදූ ක්‍රීඩාවේ නිරත වී ඇති අතර එහිදී මුදල් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුර දිග යාම මෙම ඝාතනයට හේතුවී ඇති බවටයි විමර්ශකයින් සැක පළ කරන්නේ.

ආරවුල අතරතුර ෆාතිමා මුම්ටාස්ගේ ගෙල සිර කර ඝාතනය සිදු කරන්නට ඇති බවට මේ වනවිට සැක කළ හැකි බව ද විමර්ශකයින් සඳහන් කළා.

එලෙස පසුගිය මස 28 වැනිදා ඝාතනයට ලක් වූ ෆාතිමා මුම්ටාස්ගේ මළ සිරුර ඊට පසු දින, එනම් 29 වැනිදා මට්ටක්කුලිය සමිට්පුර ප්‍රදේශයේ රොසානා නැමැත්තියගේ නිවසේ සිට ගමන් බෑගයක දමා සපුගස්කන්ද ප්‍රදේශයේ කසළ ගොඩ අසලට ප්‍රවාහණය කර ඇති බවට විමර්ශකයින් අණාවරණ කරගෙන තිබෙනවා.

ඒ රිදී පැහැති, සම්පූර්ණයෙන් ආවරණය කළ ලොරි රථයකින්.

මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වුණේ ෆාතිමා මුම්ටාස් අවසන් වරට ත්‍රීරෝද රථයෙන් කැඳවාගෙන ගොස් ඇත්තේ 36 හැවිරිදි වියේ පසුවන රොසානා සහ ඇයගේ සැමියායි.

එම යුවල කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන සිදු කළ දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව මළ සිරුර ප්‍රවාහනය කළ ලොරි රථයද පොලිස් භාරයට ගැණුනා.

ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව සැකකාර අඹුසැමි යුවල සපුගස්කන්ද පොලිසියට භාර දීමෙන් අනතුරුව හෙට මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

රොසානා නැමැත්තියගේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ සහෝදරයෙකු ද මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

ඔහු මේ වන විට ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ඝාතනයට ලක් වූ ෆාතිමා මුම්ටාස්ගේ පශ්චාත් මරණ පරික්ෂණය රාගම ශික්ෂණ රෝහලේදී සිදු කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post