කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනය ගැන කාන්තාවක් කළ ඇඟ හිරිවැටෙන හෙළිදරව්ව මෙන්න

pathum mallawaarachchi salon hisa care

ප්‍රසිද්ධ රූපලාවන්‍යාගාර කිහිපයක හිමිකරුවෙකු වන තරුණ ව්‍යාපාරිකයෙකුගේ ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ ආයතනයක සේවය කළ තරුණියකගේ සහෝදරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනුරාධපුර - ඇලයාපත්තුව ප්‍රදේශයේදී අදාල තරුණිය බලහත්කාරයෙන් රැගෙන යාමට උත්සහ කළ අවස්ථාවේදී ඇයගේ සහෝදරයා විසින් සිදුකළ පහරදීමෙන් එම තරුණ ව්‍යාපාරිකයා ජීවිතක්ෂයට පත්වුණා.

ප්‍රසිද්ධ රූපලාවන්‍යාගාර කිහිපයක හිමිකරුවෙකු වන පැතුම් මල්ලවආරච්චි නැමැති මෙම 35 හැවිරිදි ව්‍යාපාරිකයා අනුරාධපුර ගල්කඩවල - ඇලයාපත්තුව ප්‍රදේශයේදි ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පෙරේදා රාත්‍රී කාලයේ.

ඒ 21 හැවිරිදි තරුණියක් බලහත්කාරයෙන් රැගෙන යාමට උත්සහ කළ අවස්ථාවේදී ඇයගේ සහෝදරයා විසින් සිදුකළ පහරදීමකින්.

මෙම ව්‍යාපාරිකයා පසුගිය කාලයේදී සමාජ මාධ්‍යයෙහි ප්‍රසිද්ධියට පත්වූයේ සිය බිරිඳගේ උපන්දිනය දා රුපියල් කෝටි ගණනක් වටිනා අධි සුඛෝපභෝගී මෝටර් රථයක් ත්‍යාගයක් ලෙස ලබාදීමේ සිද්ධියත් සමඟයි.

කෙසේ වෙතත් ඝාතනයට ලක්වූ මෙම ව්‍යාපාරිකයා පෙරේදා රාත්‍රියේ කොළඹ සිට අනුරාධපුරයට පැමිණ ගල්කඩවල ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි තරුණියගේ නිවසට පැමිණ තිබෙනවා.
$ads={2}
ඔහු මෙලෙස නිවසට පැමිණ ඇත්තේ අදාළ තරුණිය යළිත් තම සේවා ස්ථානය වෙත රැගෙන යාම සඳහායි.

අදාළ තරුණිය මාස කිහිපයක් මෙම කෝටිපති ව්‍යාපාරිකයාට රූපලාවන්‍යාගාරයක සේවය කර ඇති අතර, පසුව ඇය යළිත් නිවස වෙත පැමිණ ඇත්තේ එහි සේවය කිරීමට අකමැති බව දන්වමින්.

ඒ අනුවයි එම තරුණිය යළි සේවය සඳහා එක් කරගෙන යාමට මෙම ව්‍යාපාරිකයා පෙරේදා රාත්‍රියේ අදාළ තරුණියගේ නිවස වෙත පැමිණ ඇත්තේ.

එම අවස්ථාවේදී ඝාතනයට ලක්වූ ව්‍යාපාරිකයා, තරුණියව බලහත්කාරයෙන් රැගෙන යාමට උත්සාහ දරා ඇති අතර, එහිදී ඇගේ සොහොයුරා විසින් තියුණු ආයුධයකින් ඔහුට පහරදී තිබෙනවා.

බරපතල තුවාල ලැබූ මෙම ව්‍යාපාරිකයා ඇලයාපත්තුව රෝහල වෙත රැගෙන යමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා අත්අඩංගුවට ගත් බව ඇලයාපත්තුව පොලීසිය ප්‍රකාශ කළා.

තරුණිය සහ ඝාතනයට ලක්වූ ව්‍යාපාරිකයා අතර අනියම් සම්බන්ධතාවයක් තිබුණේ දැයි යන්න පිළිබඳවද පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post