පාස්කු ප්‍රහාරයට පෙර බුද්ධි අංශ හිටපු පොලිස් ඇමතිට යැවූ රහස්‍ය ලිපිය මෙන්න



පාස්කු ඉරිදා ප්‍රහාරයට මාස 11කට පෙර බුද්ධි අංශ විසින් සහරාන් හෂීම් අත්අඩංගුවට ගන්නැයි නිර්දේශ කරමින් ඉකුත් යහපාලන රජයට ලබා දුන් බව කියන වාර්තාවක් රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය ෆේස්බුක් ගිණුමේ පළ කර තිබෙනවා.

එවකට රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්‍ෂ නිලන්ත ජයවර්ධන මහතා විසින් සහාරාන් හෂීම් ප්‍රහාරයකට සුදානම් වන බව ප්‍රකාශ කරමින් සහ ඔහු අත්අඩංගුවට ගත යුතු බව නිර්දේශ කරමින් මෙම වාර්තාව ලබාදී ඇති බවයි එහි සදහන් වන්නේ.
$ads={2}
එම වාර්තාව 2018 වසරේ මැයි මස 19 වනදා රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්‍ෂ නිලන්ත ජයවර්ධන මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ එම වාර්තාව යහපාලනය රජය සමයේ පොලීසිය භාරව කටයුතු කල අමාත්‍ය සහ වර්තමානයේ සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙත යොමුකර ඇති බව එහි දැක්වෙනවා.

එම ලිපිය පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post