ගෑස් සිලින්ඩර් පිපිරීම පිටුපස කතාව ගැන ඉංජිනේරුවරයෙකු තැබූ සටහන

Kapila Renuka Perera

මේ දිනවල දිවයිනේ ප්‍රදේශ රැසකින් ගෑස් සිලින්ඩර් පිපිරීම් පිළබඳ ප්‍රවෘත්ති පළවෙමින් තිබේ‍.

මෙම තත්ත්වයට හේතු වී ඇති කරුණු සම්බන්ධයෙන් ඉන්ජිනේරුවරයෙකු වන කපිල රේණුක පෙරේරා සටහනක් තබා තිබේ.

ඉංජිනේරු කපිල රේණුක පෙරේරා මහ ජනතාව වෙනුවෙන් ස්වකීය කැමැත්තෙන් ක්‍රියාත්මක වන සමාජ ක්‍රියාකාරිකයෙකු ද වේ.

ඔහුගේ සටහන පහතින්...,

"මේ දිනවල ගෑස් බාල කර ඇති බවත් එය බෝම්බයක් විය හැකි බවත් මතයක් තියෙනව. ඔය කියන විදියට ප්‍රොපේන් - බියුටේන් අනුපාතය තමයි වෙනස් කරල තියෙන්නෙ. 20:80 තිබ්බ එක 50:50 කරල අලුත් එකේ කියල යි කියන්නෙ. සංකීර්ණ නොකර මේ විදියට ම සරලව හොයල බලමු.

ප්‍රොපේන් - බියුටේන් අනුපාතය වෙනස් වෙනකොට සමාගම්වලට ලාභයක් වෙනව. හැබැයි පරිමාව අනුව ගත්තා ම. ඒක තමයි 18 ලීටර් කියල විකුණන්න හේතුව. පරිමාව අනුව ප්‍රොපේන් මිලෙන් අඩු යි. පරිමාව අනුව හම්බ වෙන ශක්ති ප්‍රමාණෙ ත් අඩු වෙනව. හැබැයි වැඩිය කාර්‍යක්ෂමව දහනය වෙන්නෙ ප්‍රොපේන්. මිල නියම වෙන්නෙ ත් ඔව්ව අනුව කියල හිතුවොත් කොහොම ත් ගාන වැඩි වෙන හැටියට ඔය අනුපාතෙ පාරිභෝගික අපිට ලොකු දෙයක් නෙමේ. 12.5kg එකයි 18 ලීටර් එකයි දෙක ම තිබ්බොත් සමාගම් ඒ ඒ කලෙට එයාලට ලාභ විදියට එවයි. කමක් නෑ කියමුකො.

මොකද්ද මේ භයානකයි කියන කතාව. ඕක රසායනික ප්‍රශ්නයක් නෙමේ, භෞතික කේස් එකක් හරියට ම කියනව නම්. ලෝකෙ පුරා විවිධ අනුපාතවලින් LPG භාවිත කරනව. අමෙරිකාවෙ ඔස්ට්‍රලියාවෙ වගෙ 100% ප්‍රොපෙන් භාවිත් වෙනව. එහෙනම් ඇයි මේ. ඇත්තට ම හිම වැටෙන රටවල සීත කාලෙට බියුටේන් වැඩි වෙනකොට පාවිච්චි කරන්න බෑ. මොක ද බියුටේන් සෙල්සියස් -0.04 න් පහළදි ද්‍රවයක්. ඉතින් ගෑස් නෙමෙයි නෙ. ප්‍රොපේන් එහෙම නෑ. සෙල්සියස් ඍණ 42 වෙනකම් ම යන්න පුළුවන්. හැබයි ප්‍රොපේන් සෙල්සියස් 0දි බාර් 1.7ක්වගෙ. සෙල්සියස් 32දි බාර් 10ක්. හරි ඉතින් අපේ වගේ ඝර්ම කලාපීය රටවල තියෙන ප්‍රශ්නෙ ප්‍රොපේන් තියෙන්නෙ වැඩිය ඉහළ පීඩනයක වෙන එක. අනුපාතෙ දිහා ම බැලුවොත් ප්‍රොපේන් බියුටේන් 20:80 අනුපාතෙදි සෙල්සියස් 32 පීඩනය බාර් 3.7ක් වෙච්ච එක දැන් 50:50 දි බාර් 6ක්. මේ බාර් පීඩනය මනින බාර්, හොඳේ. කාර් ටයර් එකක තියෙන්නෙ බාර් 2ක් වගෙ. සාමන්‍යයෙන් පරිසරයෙ සෙල්සියස් 32ට එනව මෙහෙ. දැනට වහින නිසා සෙල්සියස් 27යි වගෙ නම් දැනට බාර් 5.1. ඉතින් සෙල්සියස් 37ක් වගෙ ඒ කියන්නෙ අපේ ඇඟේ රස්නෙ වගෙ උණොත් බාර් 7.2ක් විතර පීඩනේකට එනව. ඉතින් මේකට සිලින්ඩරේ ඔරොත්තු දෙනව ද ඊටත් වඩා වෑල්ව් එක ඔරොත්තු දෙනව ද කියල බැලුව ද දන්නෙ නෑ. මේ රටේ හැම දේ ම ඉතා ම හරියට වෙන නිසා ඕක ත් හරියට වුණා කියමුකො, ඔයාල විශ්වාස නොකළට.

දැන් ප්‍රශ්නෙ ඔයාගෙ ගෙදර, එතකොට කඩේ තියෙන උපකරණ ටික බැලුවෙ කවුද? රෙගියුලේටරේ ඉඳන් කෑලි බෑලි මෙව්වට ඔරොත්තු දෙනව ද? ඊයෙට වඩා එක පාරට බාර් 2ක් 3ක් වැඩි උණා ම එක පාරට ම ලීක් වෙන්න පුළුවන්. වෙනදට යාන්තමට ගඳක් එනකොට රෙගියුලේටරේ, බටේ එහෙම මාරු කළා වගේ නෙමේ. මේ පාර දැන ගන්න වෙන්නෙ නෑ.

- ඉංජිනේරු කපිල රේණුක පෙරේරා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post