ජපානයෙන් මුල් වරට ඔමික්‍රොන් ආසාදිතයෙකු හමුවේ


ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය සහිත ආසාදිතයෙකු පළමු වරට ජපානයේ හොනෙඩා ගුවන් තොටුපළේදී හඳුනාගෙන තිබෙනවා.

30 හැවිරිදි ඔහු නැමීබියාවේ සිට පැමිණි විදේශිකයෙකු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
$ads={2}
මේ වන විට ප්‍රතිකාර සඳහා ඔහු යොමු කර ඇති අතර ආශ්‍රිතයින් සම්බන්ධයෙන් මේ වන විටත් පරීක්ෂණ සිදු කෙරෙනවා.

කෙසේ වෙතත්, ජපාන අග්‍රාමාත්‍යවරයා ඊයේ (29) ප්‍රකාශ කළේ, මෙම කොරෝනා ප්‍රභේදය රටට ඇතුළුවීම වැළැක්වීම සඳහා විදේශිකයින්ට ජපානයට පැමිණීම අද (29) සිට මසක කාලයක් සඳහා අත්හිටුවන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post