තාත්තා කෙනෙක්ව තනිකරලා, දරු පැටවුන් දෙන්නවත් අරගෙන සුරවිමන් බලා ගිය අම්මා - Photos



“නිවාඩු ආවේ බබාල දෙන්නා
ගෙදර එක්ක එන්න බලාගෙන...”


දරු ප්‍රසූතියට සුදානමින් සිටි පොල්පිතිගම කාන්තාවක් ඩෙංගු රෝගය වැළඳුනු බවට සැකසිතා රෝහල්ගත කර සිටියදී දරුවන් දෙදෙනාද සමග මියගොස් ඇති සංවේදී පුවතක් වාර්තා වනවා.

රෝගී තත්ත්වයෙන් පොල්පිතිගම රෝහලටත් එතැනින් නිකවැරටියටත් පසුව කොළඹටත් ඇයව මාරු කර ඇති අතර කොළඹ රජයේ රෝහලක දී මරණය සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

දරුවන් දෙදෙනා සැත්කමක් මගින් ලබාගෙන ඇති අතර ඔවුන් ඒ වනවිටත් මිය ගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.
$ads={2}
ඇයට ඩෙංගු වැළඳී නොමැති බවත් ඉතා දුර්ලභ රෝගයකින් පෙළී ඇති බවත් වෛද්‍යවරු පසුව සොයාගෙන තිබුණා.

මේ අතර, මෙම අතිශය සංවේදී ප්‍රවෘත්තිය ගැන බොහෝමයක් සටහන් අපට මුහුණු පොතේ දැකගන්න ලැබුණා. දරුවන්ගේ පියාණන් ද මෙම අනපේක්ෂිත සිදුවීම ගැන මුහුණු පොතේ සඳහනක් කර තිබුණා.

ඒ අතරින් සටහන් කිහිපයක් පහතින් බලන්න...

කොහේදෝ ඉඳලා ඔයාල දෙන්නා මගේ ලඟට ඇවිත් අද ඔයාලගේ අම්මවත් අරගෙන මාව තනි කරල යන්නම යනවා..ඉතිං මං කොහොම නම් ඉවසන්නද මේ වේදනාව..සසරේ කොතැන හරි අපි ලොකු පවක් කරල ඇති.නැතිනම් ජීවිතය පටන් ගද්දිම මේ විදියට වැරදින් නෑ..මං ඔයාල තුන් දෙනා වෙනුවෙන් පිං දෙනවා...⁣කොහේ හරි හොඳ තැවත ඉක්මනින්ම ඉපදෙන්න කියලා...⁣නිවාඩු ආවේ බබාල දෙන්න ගෙදර එක්ක එන්න බලාගෙන...ඒත් අද ඔයාලා තුන් දෙනාම මං තනි කරල යන්නම යනවා....

හදවත නතර උනා ..මිත්‍රයා ..
උබේ හීන ,දහසක් බලාපොරොත්තු එකින් එක හැඩ කරගෙන ලස්සන ජිවිතයක් පටං ගත්තා විතරයි...
නිවන් සුව ..
මතු භවයක හෝ මෙවන් විපත් නොවේවා.


හීන කන්දක් පොදි බැදගන පුංචි පැටව් දෙන්නවත් අරන් ආපහු ගෙදර එන්න ගිය ගමන.මොනා කරන්නද දරු පැටව් දෙන්නවත් අරගන ඔයා ගියා.නිවන් සුව ලැබේවා අක්කේ ඔයාටත් පුතු පැටව් දෙන්නටත්.අහන දකින කිසිම කෙනෙකුට මෙවන් අකල් මරනයක් නොවේවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post