හෙට සිට දෙන බූස්ටර් එන්නත ලබා ගන්නේ මෙහෙම යි



වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට COVID-19 එන්නතේ තුන් වන මාත්‍රාව හෙවත් බූස්ටර් එන්නත ලබා දෙන ස්ථාන සහ වේලාව පිළිබඳව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මගින් දැනුම් දෙනු ඇති බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

mawbima.lk කළ විමසීමකදී ඒ මහතා මේ බව පැවසී ය.

ඒ අනුව, එන්නත ලබා දීම පිළිබඳව සිදු කරනු ලබන දැනුවත් කිරීම් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස ඒ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කළේ ය.

"ඒක පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් වෙන දා තම තමන්ගේ ඒ ප්‍රදේශවල ඒ මධ්‍යස්ථානවලින් දැනුවත් කරනව නේ මේ අහවල් දවසේ අහවල් දවසට එන්න කියලා. අන්න ඒ කියන තැන්වලට යන්න කියල යි අපි මේ අවස්ථාවේ දැනුම් දෙන්න ඕනේ ජනතාවට.
$ads={2}
මෙහෙන් අපිට දැනුවත් කරන්න විධියක් නැහැ මධ්‍යස්ථාන සිය ගණනක්, දහස් ගණනක් තියෙනවා. ඒවා වෙන් වෙන් වශයෙන් දැනුම් දීම අමාරුයි.

ඒක හින්දා තමන්ගේ පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී දැනුවත් කරලා සාමාන්‍යයෙන් අපිට වෙනද ත් ඉතින් බෙහෙත් විදිනකොට කියනවා නේ. එහෙම එනකල් පොඩ්ඩක් කල්පනාවෙන් ඉන්න. ඉදිරි දවස් කිහිපය තුළ ඒ අදාළ අංශ විසින් දැනුවත් කරලා කියාවි කවදා කොතැනට එන්න ඕන ද කියලා."

වයස අවුරුදු 60ට වැඩි ශ්‍රී ලාංකිකයන්ට COVID-19 එන්නතේ තුන් වන මාත්‍රාව හෙවත් බූස්ටර් එන්නත ලබා දීම හෙට සිට ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පැවසීය.

ඒ අනුව, පළමුව අනුරාධපුර, අම්පාර දිස්ත්‍රික්ක සහ බස්නාහිර සහ දකුණු පළාත්වල අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සඳහා තුන් වන මාත්‍රාව ලබා දීමට නියමිත ය.

දෙවන මාත්‍රාව ලබා ගෙන මාස තුන සම්පූර්ණ කළ අය මේ සඳහා සුදුසුකම් ලබති.

තුන් වන මාත්‍රාව සඳහා ෆයිසර් එන්නත ලබා දීමට නියමිත ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post