රට ම කම්පා කළ සිදුවීමෙන් පාසල් දරුවන් කිහිපදෙනෙකුගේ ජීවිත අහිමිවෙයි‍




ත්‍රිකුණාමලය, කින්නියා, කුරුඤ්ඤංකර්නි ප්‍රදේශයේ කළපුවක පාරුවක් පෙරළීමෙන් ළමුන් පිරිසක් අතුරුදන් වී තිබේ.

එම පාරුවේ ළමුන් හා ගුරුවරු ගමන්කර ඇති බව අප වාර්තාකරු පැවසීය.

ඉන් ළමුන් 7 දෙනෙක් පමණ ගොඩට පිහිනා බේරී ඇති බවත් වාර්තා විය.

-update - 9.35am

ත්‍රිකුණාමලය, කින්නියා, කුරුඤ්ඤංකර්නි ප්‍රදේශයේ කළපුවක පාරුවක් පෙරළීමෙන් එහි ගමන් කරමින් සිටි පුද්ගලයින් කිහිපදෙනෙක් මියගොස් ඇතැයි පොලීසිය පවසයි.
$ads={2}
මියගිය පුද්ගලයින් අතර පාසල් ළමුන් ද වන බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

සිදුවු අනතුරෙන් පුද්ගලයින් 11 දෙනෙක් තුවාල ලබා ඇති අතර, ඔවුන් මේ වනවිට කින්නියා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව ද වාර්තා වේ.

මේ වනවිටත් පුද්ගලයින් 6 දෙනෙක් අතුරුදන්ව ඇති අතර ඔවුන් සොයා නාවික කිමිඳුම්කරුවන් හා පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ කිමිඳුම්කරුවන් එම ප්‍රදේශයේ මෙහෙයුමක් දියත් කර ඇති බවත් පොලීසිය පැවසීය.

පාසල් ළමුන් හා ගුරුවරුන් පිරිසක් රැගෙන ගමන් කරමින් සිටිය දී අද (23) උදෑසන පාරුව පෙරළී ගොස් තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post