ශ‍්‍රී ලංකාව රටවල් කිහිපයක ගුවන් මගීන් තහනම් කරයි…



දකුණු අප්‍රිකාවෙන් මුල්වරට හඳුනාගැනුනු ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය හේතුවෙන් දකුණු අප්‍රිකානු කලාපීය රටවල් හයක පසුගිය දින 14 තුළ රැඳී සිටි පුද්ගලයන්ට අද මධ්‍යම රාත්‍රියෙන් අනතුරුව ශ්‍රී ලංකාවට ඇතුලුවීමට අවසර ලබා නොදෙන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය ප්‍රකාශ කළා.

එමෙන්ම දැනටමත් එම රටවලින් පැමිණි පුද්ගලයන් සිටිත්නම් වහා නිරෝධායනයට ලක්වන ලෙසයි දැනුම්දී ඇත්තේ.
$ads={2}
නව කොරෝනා ප්‍රභේදයේ අවදානම  හේතුවෙන් මෙලෙස දකුණු අප්‍රිකානු කලාපයේ රටවලින් ශ්‍රී ලංකාවට පැමිණෙන පුද්ගලයන් සඳහා සංචාරක තහනමක් පැනවීමට නිර්දේශ කර ඇත්තේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින්.

ඒ සම්බන්ධයෙන් වන මාර්ගෝපදේශ මාලාවක්ද ඔහු විසින් ගුවන් තොටුපල සෞඛ්‍ය බලධාරීන් ඇතුලු සියලුම සෞඛ්‍ය අංශ වෙත නිකුත් කර තිබෙනවා.

මේ අතර සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර්  රාජ්‍යය විසින්ද ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදයේ අවදානම හේතුවෙන් දකුණු අප්‍රිකාව ඇතුලු කලාපීය රටවල් හතකට එරෙහිව සංචාරක තහනමක් පැනවූ අතර, එම රටවල් සමඟ ගුවන් සබඳතාද අත්හිටවනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post