රටම කතා කතා කළ අන්සතු පෙම හැදුණු හැටි (PHOTOS)

Ansathu oba

සංගීත ක්ෂේත්‍රය තුළ කාලෙන් කාලෙට විවිධ ආකාරයේ නිර්මාණයන් බිහි වෙනවා. ඒ නිර්මාණයන් ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වෙන්න ගත වෙන්නේ ඉතාමත් සුළු කාලයක්. ගායකයන් විසින් ගායනා කරනු ලබන ගීත හරයන්ගෙන් යුත් ගීතයන් වෙනවා නම් අනිවාර්යෙන්ම එය බොහෝ විට සමාජය පිළිගන්නා නිර්මාණයක් බවට පත්වෙනවා. ඉතින් පසුගිය දිනක සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි වශයෙන් කතා කරපු ඒ වගේ ගීත නිර්මාණයක් තිබ්බා. ඒ තමයි අන්සතු ඔබ වෙත කියන ගීතය. මේ ගීතය තුළින් කියවෙන්නේ අසම්මත පෙමක් පිළිබඳවයි. ඉතින් සමාජයයේ බොහෝ දෙනා මේ ගීතය පිළිබඳව නොයෙක් ආකාරයෙන් විග්‍රහ කරන්න පටන් ගත්තා.

සමහරක් අය ප්‍රේමයට කිසිම බාධාවක් නැහැ ඕනිම කෙනෙක්ට ප්‍රේම කරන්න පුළුවන් කියලා තැන ඉඳන් අදහස් දක්වපු අය හිටියා. නමුත් මේ නිර්මාණයන් සමාජයට හොඳ නැහැ කියල ප්‍රතික්ෂේප කරපු කොටසකුත් ඒ අතරින් හිටියා. කොහොමින් කොහොම හරි තිසර වීරසිංහ කියන දක්ෂ ගායකයා විසින් ගායනා කරන මේ ගීතය ගොඩක් දෙනෙක්ගේ කතාබහ නිසාම සමාජය තුළ වැඩි වශයෙන් ප්‍රසිද්ධ වෙන්න පටන් ගත්තා.

තිසර වීරසිංහ සතු අද්විතීය කටහඬ නිසාම ගීතයට හැඟුම්බර හැඟීමක් එක් කරන්නට හැකියාවක් ලැබිලා තියෙනවා. ගීතයේ පදවැල් වලට අමතරව බොහෝ දෙනෙක් කතා කරපු ඊළඟ කාරණාව තමයි රූප රචනය වෙනුවෙන් පෙනී හිටපු නිපුනි ගුණවර්ධන සහ තේමිය කණිෂ්ක පිළිබඳවයි. අසම්මත පෙම් යුවල විදිහට රංගනයෙන් දායක වුණේ මේ දෙදෙනායි. ඉතින් මේ ගීතය පිළිබඳව ඔවුන් දෙදෙනාම අදහස් දක්වන්නේ ඉතාමත් සතුටින්. නිපුනි සහ තේමිය සඳහන් කරන්නේ මේ වගේ නිර්මාණයකට දායක වෙන්න ලැබුණ එක ඔවුන්ගේ ජීවිතයේ එක්තරා හැරවුම් ලක්ෂයක් වුණා කියලයි.

ඒ වගේම අධ්‍යක්ෂකවරයාගේ පටන් කණ්ඩායමේ සියලුම දෙනා ඔවුන් දෙදෙනාට මේ රංගනය තාත්වික කරන්න විශාල සහයෝගයක් ලබා දුන්න කියලත් සඳහන් කළා. කෙසේ නමුත් මේ රූගත කිරීම සිදු වූ ආකාරය පිළිබඳව දැන් දැන් ඔවුන් කතාබහ කරන්න පටන් අරන් තියෙනවා. ගීතය ගායනා කරන ගායකයා සහ රූප රචනයට රංගනයෙන් දායක වන නිපුනි සහ තේමිය රඟපාන අතරතුර සිද්ධ වෙච්ච රසබර අත්දැකීම් කීපයක් ම බෙදා හදා ගත්තා. ඒ අතරින් ගොඩක් දෙනෙක් හිතන්නේ මේ ත්‍රීරෝද රථය ඇත්තටම මහ පාරේ ගමන් කරනවා කියලා. ඇත්තටම කිව්වොත් ඒක එහෙම නෙවෙයි මේ ත්‍රීවීල් එක ලොරියක රඳවලා තමයි ඒ රූපගත කිරීම සිද්ධ කරන්නේ.

ඒ වගේම තමයි එක්තරා අවස්ථාවක් තියෙනවා ත්‍රීවිල් එකෙන් තේමිය බහින අවස්ථාව ත්‍රීරෝද රථය ලොරියක තියෙන නිසා ඔහුට ටිකක් උසකින් තමයි මේ අවස්ථාවේදී පනින්න වෙලා තියෙන්නෙ. ඉතින් ඒකත් හරි අපූරු සිදුවීමක් කියලා ඔවුන් සඳහන් කළා. ඒ වගේම තමයි ත්‍රිරෝද රථය ගමන් කරන විට නිපුනි එහෙමත් නැත්නම් මේ කාන්තාව විසින් පිරිමි පුද්ගලයාට හදපු සැන්විච් එකක් දෙනවා කන්න කියලා. ඉතින් ඇත්තටම ඒ වෙලාවෙ ඔහු උපන්නේ කන්නේ මොකුත්ම ගාපු නැති සැන්විච් එකක්. ඒකට හේතුව තමයි ඒ ගෙනාපු පාන් කලින්ම ඉවර උන නිසා හදිසියේ රූප රාමුවට මොකුත්ම ගාපු නැති පාන් පෙත්තක් ඔහුට කන්න වෙනවා.

ඉතින් මේ සොඳුරු මතකයන් සමග නිර්මාණය වූ මේ අපූරු ගීතය ඉදිරියේදී ප්‍රේක්ෂකයන් වැළඳ ගනියි කියලා මේ කණ්ඩායම සඳහන් කළා. ඒ රසබර තොරතුරු ජීවිතේ කවදාවත්ම ඔවුන්ට අමතක වෙන්නෙත් නැහැ කියලා නිපුනි සේමිය සහ තිසරු ඇතුළු කණ්ඩායම ප්‍රකාශ කළා. ඉදිරියේදී මේ ආකාරයම නව නිර්මාණයකින් ප්‍රේක්ෂකයා හමුවට එන්න ඔවුන්ට වාසනාව ලැබේවා කියා අපි ප්‍රාර්ථනා කරන්නෙමු.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post