අලව්ව පන්ගොල්ල ප්‍රදේශයේ පිපිරීමක් (වීඩියෝ)


අලව්ව පන්ගොල්ල ප්‍රදේශයේදී අද උදෑසන නිවසක පිපිරීමක් සිදුව තිබෙනවා.

අදාළ පිපිරීම පන්ගොල්ල ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවසක සිදුව ඇති බවට තොරතුරු වාර්තා වනවා.

පිපිරීම හේතුවෙන් කාන්තාවන් දෙදෙනෙක් තුවාල ලබා අලව්ව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බව අප වාර්තාකරු සඳහන් කළා.
$ads={2}
පිපිරීමත් සමඟ අදාළ නිවසට බරපතළ හානි සිදුව තිබෙනවා.

මෙම පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර නිවසේ හිමිකරු මීට පෙර ගල්වලක් පවත්වාගෙන ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

බෝයවලාන පොලිසිය පිපිරීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post