අද රටපුරා ගුරු විරෝධතා.. පාසැල් ඇරියත් අපි උගවන්නේ නෑ..



අදට යෙදී ඇති ගුරු දිනයේ දී දිවයින පුරා විරෝධතා සිදු කරන බව ගුරු වෘත්තිය සමිති සඳහන් කරයි.

පාසල් ආරම්භ කිරීම සඳහා ආණ්ඩුව කටයුතු සූදානම් කර තිබුණද පාසැල් වල ඉගැන්වීමේ කටයුතු කිරිමට සූදානම් නැති බවද එම වෘත්තීය සමිති නියෝජිතයෝ කියා සිටිති.
$ads={2}
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කරන්නේ ගුරු විදුහල්පති වැටුප් ගැටළුවට විසඳුමක් ලබා නොදීම මත අද දිනයේ ලංකාව පුරාම උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කර ඇති බවයි.

දැනට මෙම වෘත්තිය ක‍්‍රියාමාර්ගවලට දින අසූ හතක් ගත වන බව ද ඔහු පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post