දෙසැම්බර් වෙනතුරු සංචරණ සීමා පැනවෙයි? සෞඛ්‍ය අංශ වෙතින් ප්‍රකාශයක්



තවමත් අන්තර් පළාත් සංචරණ සීමා ඉවත් කර නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.

මෙලෙස අන්තර් පළාත් සංචරණ සීමා උල්ලංඝනය වීමක් සිදුවුණේ කෙසේද යන්න පිළිබඳව තමා නොදන්නා බවද ඒ මහතා පවසා සිටියා.

මීට පෙරත් දීර්ඝ සති අන්තයක් පටන්ගැනීමට පෙර සිටිම අන්තර් පළාත් සංචරණය නොකර ලෙස ඉල්ලා ආයාචනයක් ද කළ බවද වෛද්‍යවරයා පවසා සිටියා.

එහිදී වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසා සිටියේ "තමන්ගේ දරුවන් ගැන හිතලා මේක නවත්නවන්න කියලා. තවමත් රෝගීන් 600ක් පමණ වාර්තා වෙනවා. අපි මේ විදියට ම දැක්කා අලුත් අවුරුද්දටත් රෝගීන් වාර්තා වීම අඩුවෙලා අලුත් අවුරුද්දෙන් පස්සේ හැමතැනම ට්‍රිප් ගිහින් ආපු රෝගීන්. ඒ නිසා ඒ ගැන හිතලා තමයි අපි ඇත්තටම ඉල්ලුවේ." ලෙසිනි.
$ads={2}
බදුල්ලේදී අද (18) මාධ්‍ය වෙත අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව සඳහන් කළ අතර ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ "තමන්ගේ දේකට වුණත් අත්‍යාවශ්‍ය දේකට හැර නිවසින් බැහැර වෙන්න එපා කියලා තියෙන්නේ. නැවතවරක් රෝගීන් වාර්තා වීම වැඩිවීමට රුකුල් දෙන දෙයක්. වගකීමෙන් කටයුතු කරන්න කියන එකයි අපි ඉල්ලන්නේ. අවම වශයෙන් මේ අවුරුද්දේ දෙසැම්බර් වෙනතුරුවත් අපි මේ සීමාවන් එක්ක කටයුතු කළ යුතුයි." ලෙසයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පළ කළ සම්පුර්ණ අදහස,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post