ඉන්ධන මිලට සිද්ද වෙන දේ



මේ වන විට ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉන්ධන බැරලයක මිල අමෙරිකානු ඩොලර් 90කට ආසන්න වී තිබේ. මෙයට මාස තුනකට පෙර ඉන්ධන බැරලයක මිල ඩොලර් 65ක් පමණ විය.

එම නිසා ඉන්ධන මිල ගණන් වැඩි කිරීමට බලශක්ති අමාත්‍යාංශය වාර ගණනාවක් මුදල් අමාත්‍යාංශයේ අවසරය ඉල්ලා තිබූ නමුත් ඊට අවසරය ලැබුණේ නැත.
$ads={2}
ඉන්ධන මිල අර්බුදය ගැන මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අතර සාකච්ඡාවක්ද පවත්වා ඇත.

එහිදීද මුදල් අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ ඉන්ධන මිල ඉහළ දැමීම අයවැය මගින් සිදු කිරීම යෝග්‍ය බවයි. එහෙත් ඉන්ධන මිල ඉහළ යන ආකාරය ගැන කිසිදු තොරතුරක් මෙතෙක් හෙළි වී නැත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post