මනෝජ් රාජපක්ෂ සිය බිරිදගේ උපන්දිනය සැමරූ හැටි (PHOTOS)



මෑතකදී ශ්‍රී ලංකාවේ වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ එකම පුතු මනෝජ් රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳ සෙව්වන්දි රාජපක්ෂ මහත්මිය කෙරෙහි ලාංකිකයන් සුවිශේෂ අවධානයක් යොමුකර තිබුණා.

ඊට හේතුව වනුයේ මේ යුවළ මෑතකදී උතුම් මව්පිය පදවිය ලැබීමයි. කොහොම නමුත් මේවෙනකොට ඇමරිකාවේ දිවි ගෙවන ඔවුන්ට ලාංකිකයන් රැසක් සිය සුබපැතුම් එකතු කළ ආකාරය අපට දැකගන්නට ලැබුණා. ඒ බව රහසක් නොවෙයි.

කොහොමහරි ඉතින් මීට මාස කිහිපයකට පෙරදී සිගිති දියණියක් බිහිකරමින් උතුම් මව් පිය පදවිය ලබපු ඔවුන් දෙදෙනාව වගේම පුංචි මිණිබිරිය බැලීමට ඇයගේ අත්තම්මා, ජනාධිපති ආර්යාව මීට මාස කිහිපයකට පෙර ඇමරිකාවට ගිහින් තිබුණු ආකාරය අපට දැකගන්නට ලැබුණා.

ඉතින් ඒ වගේම තමයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටත් සිය මිණිබිරියව පළමු වතාවට හුරතල් කිරීමට අවස්ථාවක් පහුගිය දවසක උදා වෙලා තිබුණා.
$ads={2}
කොහොම නමුත් ජනාධිපතිවරයාට මේ අවස්ථාව හිමිව තිබුනේ එක්සත් ජාතීන්ගේ 76වන මහා මණ්ඩල සැසි වාරයට සහභාගී වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගිය මොහොතේදී තමයි.

ඉතින් ඒ අවස්ථාවේ ලබාගත් සුන්දර ජායාරූප පෙළක් අපට සමාජ මාධ්‍ය තුළින් දැකගන්නට ලැබුණු අතර ඒ අලුත උපන් ආදරණීය මිණිබිරියව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, එනම් සීයා වඩාගෙන හුරතල් කරන අපූරු ජායාරූප පෙළකුයි

කොහොමහරි ඉතින් අද දිනය ඇමරිකාවේ දිවි ගෙවන මනෝජ් රාජපක්ෂ මහතාට සහ ඔහුගේ බිරිඳ සෙව්වන්දි රාජපක්ෂ මහත්මියට සුවිශේෂ දිනයක් බවට පත්වුණා. ඊට හේතුව වනුයේ අද දිනයට යෙදී තිබුණු සෙව්වන්දි රාජපක්ෂ මහත්මියගේ උපන්දිනයයි.

ඉතින් ඇගේ උපන්දිනය සැමරීමට ඇය කටයුතු කර තිබුණා. ඒ සිය සැමියා සහ සිගිති දියණිය සමගිනුයි. ඉතින් මේ සුන්දර අවස්ථාවේ ලබාගත් ජායාරූප පෙළක් අපට සමාජ මාධ්‍ය ඔස්සේ දැකගන්නට ලැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post