යළිත් කොරෝනා රැල්ලකට අත වනයි! රෝගීන් ඉහළ යාමේ අවදානමක්



නැවත වරක් කොරෝනා රෝගීන් වාර්තාවීම ඉහළ යාමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ කැදවුම්කරු රවි කුමුදේශ් මහතා පවසනවා.

එහි වගකීම අහඹු ලෙස කරනු ලබන පී.සී.ආර්. පරීක්ෂණ නතර කළ, ගුවන්තොටුපලේදී මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ පී.සී.ආර්. පරීක්ෂණ නතර කළ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු මාර්ගෝපදේශ නිකුත් කරන සියලුම විශේෂඥයින් වග කිව යුතු යැයි ඔහු පෙන්වා දෙනවා.
$ads={2}
පැය තුනක් ඇතුළත වාර්තා ලබාදිය හැකි පී.සී.ආර්. පරීක්ෂණාගාර දෙකක් තිබියදී රටට ඇතුළුවන ගුවන් මගීන් පරීක්ෂාව අතහැර ඇත්තේ දේශපාලඥයින්ගේ උවමනාව අනුව කටයුතු කරන සෞඛ්‍ය නිලධාරීන්ගේ අදහස් අනුව යැයිද රවි කුමුදේශ් මහතා චෝදනා කරනවා.

ඒ අතරම පරිත්‍යාග ලෙස ලැබී ඇති ජංගම පී.සී.ආර්. රසායනාගාර භාවිතා කරමින් පරීක්ෂණ පවත්වමින් යළිත් කොරෝනා රැල්ලක් ඇතිවීම ගැන කල් ඇතිව තීරණ ගැනීමට හැකියාව තිබියදී ඒ ගැන කිසිදු පියවරක් නොගන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ උද්දච්චකම නිසා බවද ඔහු අවධාරණය කරනවා.

වසංගතයට නැවත හිස එසවීමට අවස්ථාව ලබා නොදී රෝගය පාලනය කිරිම සදහා අවශ්‍ය පියවර ගත යුතු බවද රවි කුමුදේශ් මහතා වැඩිදුරටත් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post