පේශලගෙ විහිළු නිසා වේදිකාව පිටුපසට ගිහින් අඬන සචිනි නිපුන්සලා කියූ කතාව

Sachini Nipunsala

derana champion star unlimited වැඩසටහන කියලා කියන්නේ අද ලංකාවේ ගොඩක් දෙනෙක් නරඹන වැඩසටහනක්. මෙහිදී නිවේදන කටයුතුවලින් සහභාගි වෙන්නේ ලංකාවේ ජනප්‍රිය නිවේදකයන් තුන් දෙනෙක්. ඒ පේෂල මනෝජ්, මාධව සහ සචිනි. සචිනි ගැන කතා කරනකොට සචිනි කියන්නෙ බොහොම රූමත් වගේම දක්ෂ යොවුන් නිවේදිකාවක්.නිවේදනයට විතරක් නෙවෙයි ඇය නර්තනයටත් බොහෝම දස්කම් පාන තරුණියක්.

සචිනි නිපුන්සලා කියන්නේ උපාධිධාරිනියක්.වාණිජ විෂය ධාරාවෙන් උසස් පෙළට මුහුණ දීලා බොහොම ඉහල ලකුණු ප්‍රතිශතයක් ලබාගෙන ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් උපාධියක් ලබාගත් කෙනෙක් විදිහට අපිට ඇයව හඳුනා ගන්නටත් පුලුවන්.ඒ සමගම ඇය බොහෝම ජනප්‍රිය වෙන්නේ දෙරණෙන්.නමුත් ඇය නිවේදන ක්ෂේත්‍රයට එන්නේ බොහොම කුඩා කාලයේදී.ඒ ළමා වැඩසටහන් නිවේදිකාවක් විදිහට. අද වෙනකොට නිවේදන ක්ෂේත්‍රයේ ඉදිරියට යන ගමන්ම ඇය වෙනත් ක්ෂේත්‍රයක් විදිහට නර්තන ක්ෂේත්‍රයේත් වැඩ කටයුතු කරනවා.
$ads={2}
සමාජ මාධ්‍ය ජාලාවලත් අතිශය ජනප්‍රියත්වයකට පත් වෙන්නට ඇයට හැකියාව ලැබෙනවා. බොහෝම රසික ආදරයක් දිනාගන්නට ඇය සමත් වෙනවා ඇයගේ නර්තන වීඩියෝ පට හරහාත.

ඉතින් ඇයගේ විවාහ මංගල්‍ය සමාජයේ බොහෝ දෙනා කතා කරපු මාතෘකාවක් බවට පත් වුණා. ඒකට හේතු වෙන්නේ බොහොම චාම් විදිහට පන්සල් භූමියක ඇයගේ විවාහ මංගල්‍යය පැවැත්වීම. ඒ හා සමගාමීව වැඩිහිටි නිවාසයකට දානමය කටයුත්තකටත් ඇය සහභාගි වෙලා තිබුණ.ඉතින් සචිනිගෙ සැමියා තමයි ඉසුරු කියලා කියන්නේ. බොහොම කඩවසම් තරුණයෙක් වන ඉසුරු කාලයක් තිස්සේ සචිනිගෙ හොඳම යාළුවෙක් විදියටත් ඉඳලා තිබෙනවා. අද වෙනකොට බොහොම සාර්ථක පවුල් ජීවිතයක් මොවුන් දෙදෙනා ගත කරනවා හැමෝම ගෙන ආශිර්වාදය මැද්දේ.

derana champion star unlimited වැඩසටහනේදි ඇය පේෂලගේ විහිලු නිසා අපහසුතාවන් වලට ලක්වනටත් සිද්ධ වෙලා තියෙනවා කියලා කියනවා. ඒ වගේ බොහෝ අවස්ථාවන්වල ඇය කරන්නේ වේදිකාවේ පිටිපස්සට ගිහිල්ලා අඬන එක කියලත් කියනවා. කොහොම උනත් පේෂලගෙ ඇය කැමතිම දෙය කට වගේම ඇය අකමැතිම දේත් කට කියලා තමයි ඇය කියන්නේ. කොහොම වුණත් ඔවුන් තිදෙනා බොහෝම කුලුපග මිතුරන් විදිහට තමයි ඇය හඳුන්වන්නෙ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post