අද සිට මිල වැඩි වීමට නියමිත අත්‍යවශ්‍ය භාණ්ඩ මෙන්න



මෙරට අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ඉහළ දැමීම පිළිබඳව පිළිබඳව අද (27) දිනයේ පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

මෙම මිල සම්බන්ධව යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ වෙළෙඳ අමාත්‍යංශය මඟිනි.

ඒ අනුව කිරිපිටි, ගෑස්, සිමෙන්ති, තිරිඟුපිටි සහ සහල් මිල සංශෝධන සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ජීවන වියදම් කමිටුවේ ඉදිරිපත් වූ යෝජනාවන්ද අද දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙහිදී මිල ඉහළ යනු ආකාරය පහතින්,
$ads={2}
- ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 550කින්

- කිරිපිට මිල රුපියල් 200කින්

- සිමෙන්ති මිල රුපියල් 50කින්

- තිරිඟුපිටි මිල රුපියල් 10කින්,

- කීරි සම්බා පාලන මිල රුපියල් 120 සිට 140 දක්වා

- සම්බා පාලන මිල රුපියල් 103 සිට 120 දක්වා


මෙම ආකාරයට මිල ඉහළ යෑමක් මේ වන විට යෝජනා වී ඇති බවටයි වාර්තා වන්නේ.

අද (27) රැස්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී මේ පිළිබඳව අවසන් තීරණය ගැනීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post