ජනප්‍රිය නිළි රොෂානා සහ මනූෂගේ දියණිය මෙනාෂා සිය 18 වෙනි උපන්දිනය සැමරූ හැටි (PHOTOS)



මෙරට රංගන ක්ෂේත්‍රය තුළ අතිශය ජනප්‍රියත්වයක් හිමිකර ගත් ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි රොෂානා ඔන්ඩච්චි කියල කියන්නේ. කලාව තුළ නොමැකෙන නමක් සනිටුහන් කරමින් ලාංකීය ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියත්වයට පත්වන ඇය විවාහවෙන්නේ මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා සමගිනුයි. කොහොම නමුත් මේ දෙදෙනාගේ විවාහය නම් සාර්ථක වෙන්නේනම් නැහැ. ඉතින් පසුකාලීනව ඇය ඔහුගෙන් වෙන්වීමට තීරණය කරනු ලබනවා.

ඒ කොහොම නමුත් මේ දෙදෙනාට දියණියක් සිටිනවා. ඇය තමයි මෙනාෂා නානායක්කාර කියන්නේ. ඉතින් රංගන ශිල්පිනියක මෙන්ම නර්තන ශිල්පිනියක ලෙස කටයුතු කරන ඇය බොහෝ දුක්,කම්කටොලු,බාධක ජය ගනිමින් සිය දියණියත් සමග දිරිය කාන්තාවක ලෙස දිවිගෙවන බවයි අපට දැනගන්නට ලැබුණේ. ඒ කොහොම වුනත් ඊයේ දිනය රොෂානාට සහ ඇගේ දිනයට සුවිශේෂ දිනයක් බවට පත්වුණා.
$ads={2}
ඊට හේතුව වනුයේ රොෂානාගේ දියණිය මෙනාෂාගේ උපන්දිනය ඊයේ දිනයට යෙදී තිබීමයි. ඉතින් එලෙස ඊයේ දිනයට ඇගේ 18 වෙනි උපන්දිනය යෙදී තිබුණු අතර ඇය සිය මව සමගින් එක්ව උපන්දිනය සැමරීමට කටයුතු කර තිබුණා.

ඒ චාම්ව සංවිධානය කරන ලද සැමරුම් උත්සවයකි. එහි සැමරුම් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබෙනවා අපට දැකගන්නට ලැබුණා. ඉතින් අපි ඇගේ උපන්දිනය සුභපැතුම් එකතු කරන ගමන්ම ඇගේ මේ සුන්දර අවස්ථාවේ ලබාගත් ජායාරූප පෙළක් මේ විදිහට අරගෙන එනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post