
ආන්දෝලනාත්මක ව කතාබහට ලක් වූ පහන්තුඩාව සිද්ධියට සම්බන්ධ යැ යි සමාජ මාධ්‍යය තුළ හුවමාරු වූ යුවළගේ ඡායාරූපය, ව්‍යාජ එකක් බව මේ වනවිට හඳුනාගෙන තිබෙනවා.
එම ඡායාරූපයේ සිටින යුවළ සමඟ 'හිරු' කළ විමසීමක දී ඔවුන් කියා සිටියේ එම සිද්ධියෙන් තමන් දැඩි ලෙස අපහසුතාවට පත් වූ බව යි.
$ads={2}
නැවත කිසි කෙනෙකුට මෙවැනි අසාධාරණයක් සිදු නො කරන ලෙසට ද සමාජ මාධ්‍යය භාවිත කරන්නන්ගෙන් ඔවුන් වැඩිදුරටත් ඉල්ලා සිටියා.